කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5 ක් ලයිපොසක්ෂන් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව තිබෙනවා.
මෙම සැත්කම මහනුවර පෞද්ගලික රෝහලේකදී සිදු කළ අතර පානදුර ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව 61 වන වියේ පසුවන විශ්‍රාමික ගුරුවරියක බවත් ජයවර්ධන මහතා පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා,
“අධිර රුධිර පීඩනය, අධික තරුබාරුකම, කොන්දේ වේදනාව ඇවිදීමට අපහසුවීම යනාදී රෝග නිසා මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳ තිබෙනවා. විවධ දේශීය හා බටහිර ප්‍රතිකාර ද කර තිබෙනවා. සුවයක් නොවූ නිසා මා හමුවුණා. ඇගේ ප්‍රශ්නය අධික තරබාරු බවත් (Morbid obesity) ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 52 බවටත් මා විනිශ්චය කළා. ඒ අනුව මාස තුනකට පෙර ඇය මහත අඩුකරන (Bariatric surgery ) සැත්කමට භාජනය කළා. මෙය අවදානම් වුවත් සාර්ථකව සිදුකිරීමට මට හැකිවුනා.
ඉන්පසු ඇගේ බර සීග්‍රයෙන් අඩුවුණා. ඇවිදීමට හැකියාව ලැබුණා . එහෙත් ඇගේ උදරය තව දුරටත් විශාල නිසා උදරයේ තෙල් ඉවත් කරන (Liposuction) සැත්කමට (11) දා භාජනය කළා. මෙමගින් තෙල් (fat) ලීටර් 13.5 ක් සාර්ථකව ඉවත්කළා මෙය ඉතා ලොකු ප්‍රමාණයක් ලෝකයේ සාමාන්‍යයෙන් ඉවත් කර ඇත්තේ ලීටර් 4 ක් 5 ක් වගේ ප්‍රමාණයක් . මේක දුලබ අවස්ථාවක්.මෙම සැත්කම නිසා කිසිදු සංකූලතාවයක් මතුවුනේ නැහැ.
ඇය සුවෙන් පසුවෙනවා. විශාල සහනයක් ලැබුණා බවද ඇය පවසනවා”