උණුසුම් පුවත්දේශපාලන

උසාවිය හමුවේ 18 වැනිදා පෙනී සිටින්න – නාමල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයෙන් සිතාසි

කෝටි 70 ක් අවභාවිතාවේ යෙදීමේ චෝදනාවක් - වසන්ත සමරසිං2016 යොමුකරන ලද පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන 18 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිතාසි නිකුත් කරන ලද්දේ ය.

ඒ කෝටි හතක මුදලක් රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට යැ යි පවසා ක්‍රීෂ් ලංකා පෞද්ගලික සමාගම නමින් යුත් ඉන්දියානු සමාගමකින් ලබාගෙන අවභාවිතාවේ යෙදී ඇති බවට එල්ල වී ඇති චෝදනාවකට අනුව යි. මේ චෝදනාව මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විමර්ශණ කිරීමෙන් පසුව යි. පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ 2016 වසරේ දී දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසිනි. නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධිව පවරා ඇති නඩුව ප්‍රකාරව මහාධිකරණය විසින් ඔහුට සිතාසි නිකුත් කරන ලද්දේ ය.