නාමල් පොහොට්ටුවෙ ප්‍රතිපත්ති විකසිත කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්රකාශනය අද එළි දක්වන ලද්දේ ය. එය පොදුජන පෙරමුණ විසින් නම්කකර ඇත්තේ 'නාමල් දැක්ම' යනුවෙනි. හෙවත් නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට නම් දී තිබෙන්නේ 'නාමල් දැක්ම' ලෙසට යි.
ඒ ගාලුමුවදොර රත්නදීප හෝටලයේ දී ය.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පූජකතුමනි, සහෝදරයා, සහෝදරිය,
දියුණු රටක් හදන මාගේ දැක්ම
නිදහසින් පසු ගතව ඇති වසර 76 ක කාලය තුළ ජනතා අභිලාෂයන් මුදුන් පත් කළ ස්වර්ණමය
යුගය ලෙස සනිටුහන් වී ඇත්තේ වසර 2005 - 2014 දශකයයි. අපගේ මාතෘභූමිය වෙනුවෙන් එදා
අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් සිය අප්‍රතිහත ධෛර්යයෙන් සහ නිර්භීත නායකත්වයෙන්
ඉටු කළ අසීමිත සේවය විසින් මෙරට දේශපාලනයේ පරමාර්ථයම, සිය දහස් වාරයකින් උතුම්ව
පාරිශුද්ධව ජන හදවත් මත රන් අකුරින් ලියැවුණි. ලක් දෙරණට උරුමව තිබුණු දියුණුව වසර 30 ක්
පුරා බිඳ දැමූ කුරිරු යුද්ධය මානුෂීය මෙහෙයුමකින් සදහට ම අවසන් කර සියලු ශ්‍රී ලාංකිකයන්ට
එකම රටක සමගියෙන් ජීවත් වීමේ ගෞරවාන්විත නිදහස උදා කළේ අපේ පරමාදර්ශී නායකයා
වන මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි.
ඉන් නොනැවතුණු එතුමා ඒ නිදහස් ශ්‍රී ලංකාවේ අති දැවැන්ත සංවර්ධන විප්ලවයක් අරඹමින් දියුණු
රාජ්‍යයක් කරා අප ඔසවන මහින්ද චින්තන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ දියත් කළේය. විවිධත්වයෙන්
අනූනව සමානත්වයෙන් ඔද වැඩුණු සියලු ලක් වැසියෝ සුබ අනාගතයක පෙර නිමිති දකිමින්
මුළු රටම එකම වැඩබිමක් කොට ලොව වේගයෙන්ම වර්ධනය වන රාජ්‍යය බවට ලංකාව පත්
කළෝය. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වැනි නවීන
උපායමාර්ගික ජාතික සම්පත් අප විසින් ගොඩනගන ලද්දේ සුපැහැදිලි ආර්ථික වර්ධන ඉලක්කයන්
සහිත දිගුකාලීන සැලසුමක් මතය. අධිවේගී මාර්ග සහ සැතපුම් ගණන් දිග පාලම් ඇතුළු රටම
ආවරණය කරන ප්‍රවාහන පද්ධතිය ඉදි කළේ උතුර දකුණ යා කරමින් සංවර්ධනයේ මහඟු අවස්ථා
සහ ප්රතිලාභ සමස්ථ ජනතාවට බෙදා දීමටය. නව විදුලි බලාගාර සහ වාරිමාර්ග ඉදි කළේ එම
සංවර්ධන අවශ්‍යතාවයන් සපුරාලීමටය. නෙළුම් කුළුණ වැනි විස්කම් ඉදි කළේ තරුණ පරපුරට
නූතන තාක්ෂණික පහසුකම් ලබා දීමටය. ඒ සියල්ල වෙන් වෙන්ව කළ සංවර්ධනයන් නොවේ. ඒවා
එකිනෙකට සහසම්බන්ධ තිරසාර ජාතික සම්පත්ය.
එහෙත් වසර 2015 දී සිදු කළ ආණ්ඩු පෙරළියෙන් පත් වූ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව නැවතත් අඳුරු
යුගයකට ඇද දැමිණි. රණවිරුවන් දිවි පුදා දිනා ගත් නිදහසේ සංවර්ධනය වසර හතරක් වැනි
කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන් ඇණ හිටිණි. රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ ගොස් වසර 2019 වන
විටත් රටේ ආර්ථිකය බිඳ වැටීමට ආසන්නව තිබිණි. රාජ්‍ය ආරක්ෂාව දුර්වලව ගොස් අවසානයේ
ත්‍රස්තවාදය හිස එස වූයේය. ලංකාව නැවතත් බිහිසුණු ඉරණමකට පත් විය.
එසේ බිඳ දැමූ අපේ මාතෘභූමිය නැවත ගොඩනගන්නට වසර 2020 දී ඔබ විසින් ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණ ජයග්‍රහණය කරවූයේ මහත් බලාපොරොත්තුවකිනි. ලක් දෙරණ නැවත හිස ඔසවන්නට
පටන් ගත්තා පමධෑ. කෝවිඩ්-19 මාරක වෛරසය විසින් අපේ රටත් සමස්ථ ලෝකයත් වසර දෙකක්
තිස්සේ මරණයේ භීතියට පත් කළේය. මාස ගණන් තිස්සේ වසා දැමුණු රටේ ආර්ථිකය පිරිහිණි.
එහෙත් ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය සේවය මෙන්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සියලු
දෙනාගේ සහාය ඇතිව වසංගතයෙන් මිය යෑමට නියමිතව තිබූ ලක්ෂ සංඛ්‍යාත වැසියන්ගේ ජීවිත
බේරා ගැනීමට අප සමත් විය. එම අති දුෂ්කර කාල සීමාව තුළ පවා සියලු රාජ්‍ය සේවකයන්ට
වැටුප් ගෙවා, අසරණ වැසියන්ට සහනාධාර දී, සියලු වැසියන් එන්නත් කර පසුගිය ආණ්ඩුව විසින් ගත් ණය සඳහා වාරිකද ගෙවීමට අප සමත් විය.
නාමල් දැක්ම
එහෙත් එයින් සිදු වූයේ ඒ වන විටත් දරුණු වී තිබූ ආර්ථික අර්බුදය වඩාත් උත්සන්න වීමය. ඇතැම්
කරුණු පිළිබඳව වඩාත් යෝග්‍ය තීරණ ගත හැකිව තිබුණු බව මම පිළිගනිමි. ඒ සියලු කාරණා
හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාව පාරට බැස්සේ එම පීඩනය පිට කිරීමටය. එහෙත් ජනතාවගේ
එම අරගලය ඇතැම් දෙස් විදෙස් බලවේග විසින් ප්‍රචණ්ඩත්වයට යොමු කළේ සිය පටු දේශපාලන
අරමුණු ඉටු කර ගැනීමටය. එම තීරණාත්මක මොහොතේ කිසිදු වැසියෙකුට හිංසාවක් නොකර අප
නික්ම ගියේ තනතුරු බලයට වඩා අපගේ රාජ්‍යය අපට සිය දහස් වාරයක් වටිනා බැවිණි. එය
අවිහිංසාවාදී රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකයටම කියා දුන් වටිනා පාඩමකි.
වසර 14 ක් පුරා අඛණ්ඩව ඡන්දයෙන් තෝරා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් ඉතාම
අභියෝගාත්මක දෙවසරක කාලය තුළ ඇමතිවරයෙකු ලෙසත් ලද බරපතල දේශපාලන අත්දැකීම්
සමුදායක් මා හට හිමිව තිබේ. මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන්,
පොහොට්ටුවේ ලකුණින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අභියෝගය ඉතසිතින් බාර
ගනු ලැබුවේ ඒ පන්නරය මතිනි. ඒ අන් කිසිවක් නිසා නොව එදා බණඩාරනායක ශ්‍රීමතාණන් සහ ඩී.
ඒ. රාජපක්ෂ මැතිතුමා විසින් ආරම්භ කළ මෙරට දේශීය චින්තනය මත හැදුණු වමේ දේශපාලන
කඳවුරේ ජාතික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් දියුණු රටක් ගොඩනැගීමටය.
21 වන සියවසේ නව අභියෝග සඳහා තිරසාර විසඳුම්ද, නූතන තාක්ෂණික විප්ලවයද, මහින්ද
චින්තනය සමග සහසම්බන්ධ කර මෙරට සංවර්ධනය නැවැත්වූ තැනින් අපි නැවත අරඹමු. වැටුණු
බෝතල් කටෙන්ම අපි එළියට එමු. ඒ අභියෝගයට උර දෙන්න මා සූදානම්. මට අවශ්‍ය කරන්නේ
ඔබේ ආශීර්වාදය පමධෑ. ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන නාමල් දැක්ම නමැති මාගේ ප්‍රතිපත්තිමය
වැඩපිළිවෙළ ඔබ වෙත ගෞරවයෙන් පිළිගන්වමි.
යුද්ධයෙන් බිඳී විසිරුණු රට මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිදහස් කර එක්සේසත් කළාක් මෙන්
ආර්ථික අර්බුදයෙන් බිඳ වැටුණු රට ඉන් මුදවා සුරක්ෂිතව දියුණු කරන බවට මම ඔබට ප්‍රතිඥා
දෙමි. ඒ සියලු සංවර්ධනයන් කිරීමේදී අපේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවටත්, ජනරජයේ
ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් ආරක්ෂා කරන බවටත්, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බවටත්, සම්බුද්ධ
ශාසනය ආරක්ෂා කරන බවටත්, සියලු වැසියන්ගේ නිදහස ආරක්ෂා කරන බවටත් මම ප්‍රතිඥා
දෙමි.
ඔබ වෙනුවෙන්,
නාමල් රාජපක්ෂ
හේහේ අද උදේ 10. 30 ට පමණ නාමල් දැක්ම සමාජගත කරමින් පවසයි.
ඔහුගේ ප්‍රතිපත්ති ඇතුළු සෙසු ප්‍රධාන අපේක්ෂකයින් ගේ පොරොන්දු පත්‍ර අපි හෙට සිට හෙළදිව පාඨකයන්ට ඉදිරිපත් කරන්නේ තවත් හරියට ම දවස් දහ නමයකින් රටෙත් ජාතියෙත් සමාජයෙත් ඉරණම විසඳෙන තීන්දුව ගන්නට පෙර ඔවුන් ගේ අදහස්, වැඩ, වැඩපිළිවෙල කෙබඳුදැ යි වටහා ගෙන ගත යුතු තීරණය ගන්නට අල්ප වූ හෝ සහායක් ලබාදීම අපගේ ජාතික වගකීම මෙහෙවර යැ යි සිහියට ගනිමිනි.