ජාත්‍යන්තර අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ආණ්ඩුව එක්ක ගිවිසුමකට හවුල් වෙන්න - ජනපති

ජනපතිගෙන් සමගි ජන බලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙක් දේශපාලන පක්ෂවලට විවෘත ඇරයුමක්.

එක්සත් ජාතික පක්ෂය වළ දැමීමට සමහරුන් සූදානම් වූවත් වළ දැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දුන්නේ එක්සත් ජාතික පක්ෂය බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින රැළිය අමතමින් සඳහන් කළේ ය.
එදා ගාලු මුවදොර පිටියෙන් එළවා දැමූ විපක්ෂ නායකයාට අද චැතැම් වීදියේ මැයි දින රැළිය පැවැත්වීමට හැකිවූයේ රට තුළ ඇති ශක්තිමත් ප්‍රජාතන්තුවාදය නිසා බව හේ කීය.

තරුණ තරුණියන් ගේ අනාගතය ආරක්ෂා කරදීමේ වගකීම ඉටු කරනා බව ද ඔහු පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනයට අති විශාල ජනතා සහභාගීක්වයක් දක්නට ලැබුණි. ඒ මහා ජනලඟ අමතමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන ඉල්ලා සිටියේ ය.
සාම්ප්‍රදායික දේශපාලනයේ කටයුතු කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩ සටහනට විරුද්ධ වී එය කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 2022 පැවති තත්ත්වයට යළි වැටීමට ඉඩ තැබිය යුතු නැති බව ද අවධාරණය කළේ ය.
''යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මේ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන සාමාජිකයින් ඇතුළු දිවියිනේ නන් දෙසින් ගලා ආ පාක්ෂිකයන් හා ආධාරකරුවන් හිතවතුන් අති විශාල පිරිසක් මාළිගාවත්තේ පොලිසියට නුදුරු භූමියේ සිට ජනාධිපතිවරයා ඔවුන් ඇමතී ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා හා එක්වෙමින් මාළිගාවත්තේ අද(01) සවස පැවති මැයි දින රැළියට එක්ව සිටීම කැපී පෙනුු සිද්ධියක් සේ සටහන් කිරීම වටී.
අද දවසේ රට පුරා පැවැත්වෙන මැයි රැළි වලින් පෙනී රට තුළ තහවුරු වී ඇති ප්රජාතන්ත්රවාදයේ හා ආර්ථිකයේ පිබිදීම බව අවධාරණය කළ ජනාධිපතිවරයා එදා ගාලු මුවදොර පිටියෙන් එළවා දැමූ විපක්ෂ නායකවරයාට අද සිය පක්ෂයේ මැයි දින සැමරුම චැතැම් වීදියේ පැවැත්වීමට හැකි තරම් වාතාවරණයක් උදා වී ඇති බව පැවසී ය.
ශක්තිමත් අපනයන ආර්ථිකයක් රට තුළ ඇති කර තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද හේ වැඩි දුරටත් සඳහන් කළේ ය.
මුල්‍ය අරමඅදටලි වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී ඔවුන් අපට දැනුම් දුන්නේ මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය නොකළ යුතු බව යැ යි කී වික්‍රමසිංහ මහතා එමෙන් ම රාජ්‍ය බැංකුවලින් ණය නොගත යුතු බවත් රාජ්‍ය ආදායම උපයා ගත යුතු යැයි ද කී නිසා රුපියල ශක්තිමත් කරන්නට බදු වැඩි කරන්නට සිදුවූයේ යැ යි ද පැවසී ය.
අසීරුවෙන් වුණත් අප ඒ තීරණ ගත්තා. එවිට ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය අපට මොන මොන තරම් දේවල් කීවා දැ යි ජනතාවට මතක ඇතැ යි ප්‍රකාශ කළ හේ අද රුපියල ශක්තිමත් වී ඇති බව ද සිහිපත් කළේ ය. එවිට ජනතාව අත ඇති මුදලේ වටිනාකම වැඩිවෙන බව සඳහන් කළ හෙතෙම සංචාරකයින් ගේ පැමිණීමත් යල මහ කන්න දෙක සාර්ථක හෙයින් ද රටේ කර්මාන්ත යළි පිබිදෙමින් ඇති අයුරු ද පැවසී ය.
සෑම රටක ම අගමැත්වරයා අස්වූ විට විපක්ෂනායක වරයා ඒ තනතුරට පත්වෙන නමුත් අපේ විපක්ෂනායකයා මෙන් ම සෙසු පක්ෂ නායකයින් දඒ තනතුර බාර නොගෙන පැනලා ගිය අයුරු විස්තර කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා අවසන තමන්ට කළ ඇරයුම පිළිගෙන වැටී තිබූ රට ගොඩගන්නට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන්නට පසුබට නොවූ බව ද සඳහන් කළේ ය.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, උප නායක රවි කරුණානායක, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මනූෂ නානායක්කාර හා හරීන් ෆ්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ද මැයි දින සමරු රැළිය ඇමතූහ.
