ග්‍රාමීීයබැංකු සංකල්පයක් ලෙස බංගලාදේශයේ නිර්මාණය වූ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුකරණය කාන්තා කේන්ද්‍රීයව අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බවත් ජනසවිය වැඩසටහන තුළ ද හම්බන්තොට හිටපු දිසාපතිවරයකු වූ මිත්‍රරත්න මහත කාන්තාවන් කේන්ද්‍ර කර ගෙන ග්‍රාමීය බැංකු හා සමානව ජනශක්ති බැංකුව අතිසාර්ථකව ක්‍රියාත්මක කළ බවත් මෙය සම්පූර්ණ කාන්තාව පෙරටු කර ගත් වැඩසටහනක් වන අතර ඒ තුළින් දුප්පත්කම තුරන් කිරීම අරමුණු කර ගනු ලැබුවත්, විවිධ පුද්ගලයන් එයිිින් මුදල් වරම් නොලත් අහිංසක ජනතාවට මුදල් ලබා දී ව්‍යාපාරයක් ලෙස ප්‍රතිනිර්මාණය කර ඉතාම අවදානමට ලක් වූ කොටස් ඉලක්ක කර ක්‍රියාත්මක කරන දැවැන්ත ණය උගුලක් නිර්මාණය කර ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.
යම් යම් ව්‍යාපාරිකයන් මෙම සංකල්පය ව්‍යාපාරයක් බවට පත් කර ණය ලබා දී අධික පොළියක් අය කර අධික පොළිය සහ ණය නොගෙවිම තුළ ඒ මත ණය බර තවතවත් පටවමින් හොඳ සංකල්පයක් විනාශ කරමින් සිටින අවධියක යහපාලන සමයේ මංගල සමරවීර මැතිතුමා මේ පිළිබඳ අවදානය යොමු කර යම් ප්‍රමාණයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය බරතාවෙන් මුදවා ගැනීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
මේ වන විට මෙය බරපතල ගැටලුවක් වී ඇති හෙයින් ඒ සඳහා වෙනම ම අනපනත් ගෙනවිත් මෙම ආයතන පැහැදිලි නියාමනයකට ලක් කර මෙම වටිනා ප්‍රතිපත්තිය අධික ලාභ ලබන ප්‍රතිපත්තියකට පරිවර්තනය කිරීම වළක්වා ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදලින් හිරවී සිටින ජනතාව මුදවා ගැනීමට කටයුතු කළ යුතු යැ යි විපක්ෂ නායක ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේ පැවැති ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ විවාදයේ දී පැවසී ය