ප්‍රහාරය එල්ල කොට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් ගේ නිවසට ගොස් ආපසු එද්දී
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සේ ඊයේ (16) පත්වූ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා හිතවතුන් කිහිප දෙනකු සමඟ මෝටර් රථයෙක ගමන් ගනිමින් සිටිය දී මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැ යි මදුරන්කුලිය පොලීසිය කියයි.
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතාගේ නිවසට ගොස් සත්තාර් මහතා විරුතෝඩේ හරහා නොරෝච්චෝලය බලා සිය හිතවතුන් කණ්ඩායම සමඟ ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් ඔහු හා පිරිස ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කොට ඇත.
මේ ප්‍රහාරය ගැන හෙතෙම පොලීසියට පැමිණිලි කර තිබේ. මැරයින් ගේ පහරදීමෙන් සත්තාර් මහතා ගේ වාහනයට ද බරපතල අලාභ සිදු වී ඇති බව කියයි.
මේ සිදුවීම සැලවීමෙන් පසු ඒ ප්‍රදේශය පුරා ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් පොලිසිය, එහිලා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබාගෙන තිබේ.
