නමදිම් තුටින්
දේදුනු වලාවෙන් උඩුවියනක් බැඳලා..
ධවල සේලයෙන් පාවඩ අතුරාලා..
මල් ඵල නැතත් රුක් රැජිනිව රැක දීලා...
කරනා සේවේ නමදිමු අපි පින් දීලා.
ඕනම ගැටුමකදී පෙර මගටයි ආවේ...
අප ජීවිත රැක්කේ පුදමින් තම ජීවේ...
අව්වැසි දෙකට නොසැලී කරනා සේවේ...
හමුදා පොලිස් විරුවනි අප ණය ගැතිවේ...
- ඇන්ජලා පැල්පොළ -
මධුෂිකා ගේ දවසේ පැතුම!
හිරු නැග ඒවි මුනිසිරිපා පහස විඳ
අවටින් ඇසෙයි කුරුලන්ගේ මිහිරි නද
සතුටින් සොම්නසින් දවසම පිරෙන හද
දිනයක් වෙන්න ඔබටත් මම පතමි අද
පින්බර දවසක් වේවා !!