උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

දවසේ කවිය

පෙරදිනයට වඩා සරු දිනයක් වෙන්නයි

කරදර කම්කටොලු කිසිවක් නොමවෙන්නයි

සුරසැප නැතත් සිත සතුටින් ගතවෙන්නයි

තිර අදිටනින් සැම කටයුතු අරඹන්නයි

සියලු දුක් දොම්නස් නිවී පහන්වන

පින්බර දවසක් වේවා

උතුම් දළදා සමිඳු පිහිටයි !!

මධුෂිකා

තාලෙට උඩරට

උඩරට තාලෙට වන්නම් නැටුවා

තාලෙට බෙර ගහලා...                               

කරණම් ගහලා හොරනෑ පිඹලා

උඩැක්කි උඩ දමලා...

හැඩවැඩ දාලා මේ හැටි නටලා

අප සැම මත් කරලා...

රඟනා රැගුමේ අගේ වයමු

අපි කවි සී පද කියලා...

 - ඇන්ජලා පැල්පොළ -

නොබලන් මා දිහා

එපා මා දිහා ඔහොම බලන්න

කාන්තියට ඔය නෙතු යුගළෙ

මයෙ පපුව පිච්චෙනවා වගේ

- සුමැ -