උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

බුදු ගුණ අලංකාරය - නමවු මුනි සරණ

-  388 -

සක  කුලඹර                              ළසඳ

එ යසෝදරා නම්                            ළඳ

පින් සිරි පිරි                             නොමඳ

පවර රාහුල  කුමරු  ලත්                සඳ

පදගතාර්ථය -   සක කුල   --- ශාක්‍ය වංශය නමැති  , අඹර   ---  ආකාශයට  , ළසඳ  ---  අලුත් හඳක් බඳු වූ ,  එ යසෝදරා නම් ළඳ  ---  එ යසෝදරා නමැති කා්තාව , නොමඳ  ---  මහත් වූ  , පින් සිරි  --- පුණ්‍ය ශ්‍රියෙන්  , පිරි --- පූර්ණ වූ , පවර  --- උතුම් වූ  , රාහුල කුමරැ  --- රාහුල නම් කුමාරයා  , ලත් සඳ  --- ලැබූ කල්හි,

භාවය -   ශාක්‍ය වංශය නමැති ආකාශයට නව චන්දයි බඳු වූ ඒ යසෝදරා නම් ළඳ මහත් වූ පුණ්‍ය ශ්‍රයෙන් යුත් උතුම් වූ රාහුල කුමරු ලැබු කල්හි --

-  390  --

ඉසොරා                              මැඳුරතට

දිගු කළ පපයැද එම                       විට

සන් මැතිඳු පහු                          කොට

නැඟී කන්තක මඟුලු අසු                 පිට

පදගතාර්ථය  --  ඉසොරා  --- යසෝධරා දේවිය ගේ  , මැඳුරතට  ---  මන්දිරය ඇතුළතට  , දිගු කළ පය  --- දික් කළ පාදය  , ඇද  --- නැවත ඇද ගෙන  , එම විට  --- වහා  , සන් මැතිඳු පසු කොට  --- චන්න ඇමති පසු කරමින්  , කන්තක  --- කන්තක නම්  , මඟුල් අසු පිට නැඟි  --- මංගල අශ්වයා පිට නැඟී -

භාවය   --  යසෝදරා දේවිය ගේ මන්දිරයට යාමට එසවූ පය ඇද ගෙන වහා ඡන්න ඇමති පසු කොට කන්තක නම් අශ්වයා පිට නැඟී -

-   389  -

දැක සිු පෙර                                නිමිති

ඇර රජ සැපත සිත                          රුති

ලබන මතු                                  සක්විති

සැපත් නො තකා සිතින් නො         නැවති

පදගතාර්ථය -  සිවු  පෙර නිමිති  ---  පෙර නිමිති සතර , දැක  --- දර්ශනය කොට  , රජ සැපත  --- රජ සැප ගැන  , සිත රුති  --- සිතෙහි ආශාව  , ඇර  --- පහ කොට  , මතු ලබන  --- මත්තෙහි ලබන්නා වූ  , සක්විති සැපත්  --- චක්‍රවර්ති සැප පවා  , සිතින් නො තකා  --- චිත්තයෙන් නො සලකා  , නො නැවති  --- නැවතීමක් නැති ව -

භාවය --  සතර පෙර  නිමිති දැක, රජ සැප කෙරෙහි ආශාව හැර දමා මතු ලබන්නා වූ සක්විති සැප ගැන පවා නො සලකා එයිනුත් නො නැවතී -