උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

 අම්මා.....

 ආදරේ කිරි කඳුළු

ජීවිතේ පුරාවට

වෑස්සෙන හැටි

වැරැහිලි ගැහුණු තන පුඩු

දරා උන්

හැට්ටපටටත් මතකය.

මාත් නලවා කීව නැලවිලි

මගෙ  දරුත් නළවන්න සුරැකිව

තියාගත් මතකයම සොඳුරුය

ඒ හඬත් තවම මිහිරිය

කන්තෝරුවේ පින් පඩිය දාටත්

අපේ බත් පතම සරසන

හිතේ හැටියට මපුතු නළවා

සෙයිලමේ බඩු ද අරගෙන

නුඹේ ලෙඩ දුක් සියලු පීඩා

වාත තෙල් කුප්පියට පැවරිණ

ටාගට් එකම ඉල්ලන  කම්හලත්

සුදෝ සුදු තාන් සිල් රෙදි

අව පාට වී ගොස්

කාවො කෑ බව නොදනිය .

පෝදාට පෙරදා

රෙදි පෙට්ට ගම හැර

සුසුම්ලා යළි වසද්දී

හඳ තිබුණෙ වලාකුළු යටමය.

පන්සලේ ඉස්පීකරෙන්

ගෙදරටම එවූ

මාතු පෝසක කතා වස්තුව

නිහඬවම අසා

යළි යළිදු නැගිට කඩිසරව

මගේ මෙහෙවරම කරද්දී

මම මවද නුඹ දුවද

පැටලිලා හඬා වැටුණෙමි.

මතක් වෙන වෙන වාර ගානේ

කඩා වැටි වැටි යළිදු නැගිටිමි.

හිතේ තෙරපෙන කඳුළු ගංගා

නෙතට එන මඟ අහුරමි.

අම්මේ..........

සියලු දුක් අහවර කර

මාත් එක්කම නිවන් යන්නට

පෙරුම්දම් පුරනවාදැයි

නුඹෙන් ඉඩ ලද විටෙක විමසමි........

   -  කුමුදුනී මෙන්ඩිස් - 

එපා ... එපා.... එපා...... එපා.....

කදුළු සලසලා පිළිතුරු සොයනු එපා...

හදවත තල තලා කම්පා වෙන්න එපා...

හිමි නැති කිසිම දේකට ලොල් වෙන්න එපා...

තමන් හිසට අන් සරණක්  පතන් එපා

  - ඇන්ජලා පැල්පොළ -