උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

මිත්‍යාදෘෂ්ටිය

වැඩියේ කැලණියට බුදුබව පතා      ගෙන

වැන්දා සමහරුන් දෙකකුල් බදා      ගෙන

හිටියේ මමත් මක් වේදැ යි හිතා      ගෙන

පෙරදින ගියා ඔහු අංගොඩ බලා      ගෙන

මිත්‍යාවෙන් මිදෙමු

වෙහෙසක් දැනෙනවා ටික කාලෙක      ඉඳලා

දහසක් තිබේ වැඩ කටයුතු ගොඩ          ගැහිලා

අහසක් උසට තිබුණත් දෙමි ඉටු           කරලා

මිනිසෙක් වගේ ඉමි තව දෙපයිනි         නැගිලා

   කොපමණ කරදර ආවත් ජීවිතයට මුහුණ දෙමු

මුදල ම හඹාලෙන යන මිනිසුන්             අස්සේ

යහපත් අයත් ඉන්නා බවනම්                 දිස්සේ

මතුබව සිතන විට නම් මගෙ හිත           ගැස්සේ

හැකිලෙස කුසල් වඩමු ද අපි  හැම        තිස්සේ

 

- මධුෂීකා -

මධුෂිකා ආධුනික කිවිඳියකි. ඇගේ සිතෙහි මතුවන මෙවන් පද කෙතරම් අරුත් බර ද?