උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

අතර මඟ දී දුටු නොහඳුනන ළඳ....??!!

වියළි දෙතොලින් ඉරිතලා ගිය

පොළොව මිහිකත සනසවා

අහස්කුස සිට නෙතු අඟින්

බට කඳුළුවැල් දස අත ගලා..

 තුරු ලතා මත පිනි මලින්

චුම්බන දෙවා මුව සතපවා

සුරත් ඉතිමත දැනී ඔබ

රඟමින් යනෙන හැටි අඩි යොමා..

ඇසින් අඩවන් හැර බලයි ඒ සුපිපෙනා

මල් කිණි දිහා..

පැනි තුඩින් ගන්නට නොහී

ඒ පියුම් පෙති හකුලනු නොහී

මම හිදිම් රහසින් ඉතින්

ඔබ රුව විදිමි මම රිසි ලෙසින්

 -   චංක ශාක්‍ය හේවාමාන්න  -

සොඳුර නුඹ....

සොඳුර නුඹ කොහිද?

සඳ සාවි කොහෙද ගියේ

මගෙ දැහැනින් මිදිලා

තරු අහසෙ බලා ඉඳී‍

කොහෙද ගියේ කියලා

ප‌ෙ වලාකුළු අතරින්

නුඹ යන විට පැනල

කවුරුත් නෑ ඇත්තටමයි

නුඹේ ගමන දැකලා

දිය දහරක් සේ පෙනෙනා

මිරිඟුව නුශ දැකලා

කොහි ගියාද සොඳුරියෙ නුඹ

අද මා තනි කරලා

  -  සුදර්ශනී අමුගොඩ -