අපි නොවී මා වී
මා තුළ ම ගිලී මා
මා වැන්නෙකු
සොයමින් සිටින මොහොතක
ඔබ ඇවිත්
මා නම් පිළිබිඹුව පෑවා
ඔබ මම
අපි නොවී
මා වී සිටීමේ ආනන්දය
මා ටික කලක් වින්ඳා
අහසට කිවිසුමක් යන
දිනවල
විසිරෙන කුඩා පිණි කැට මැද
කොඩිතුවක්කුවගේ කවියක එතෙමින්
සරච්චන්ද්‍රගේ නාට්‍යක දුවමින්
ලෙස්ටර්ගේ සිනමාවට වැටෙමින්
ඒ
ඔබ මම
අපි නොවී
මා වී සිටිමේ
ඒ මිහිරි ආනන්දය
මා වින්දා
දැන්
කවි කතා
සිනමා නාටක
නෑ
ඇරෙන වැහෙන දොර පියන්
කලබලකාරී අඩි තියන
සත් වර්ණ නැති උදයන්
දැන් මා ඔබ
අපි වී
ආදරය යැයි කී
සුන්දරම දේ ගිලිහී
ඇත්තටම
මෙතරම් කලක්
මා ආදරේ කරේ
ඔබ තුළ සිටි මට ද?
මටද?
මටද?
නජිලා අධිකාරි
තුන් සිත ම කලඹන
තුන් සිතම කලඹන
සිත නිවන වන්දනාවක්
සිතේ බැති බරව දරා 
ඉන්න බැරිම තැන නෙත
අගින් ගලා ගිය කඳුළක්
නමක් නැති මහ පුදුම බැඳිමක්
මැරි මැරි ඉපදෙන ජිව්තෙ
නුඹත් මට සිහිනයක්
.......සද......
ස්වර්ණමාලි
මුතු ඇටය
මූදු පතුල කලඹා මුතු ඇට සොයලා...
තරු පොකුරෙන් තරු එක දෙක අමුණලා...
හිරු සඳුගේ උණුසුම සිසිලස විදලා...
හිනැහෙමු දුවේ සැමටම සෙනෙහස පාලා...
හැඬුම් හඬින් රතු ලේ ටික
කිරි වුණ එක හරි පුදුමයි...
හිනැහි හිනැහි දඟලනකොට
මන පිරුණා එය සත්තයි...
හැඩ වැඩ ඇති යෞවනියේ
ඔබ මාගේ පණ කෙන්දයි...
ජීවිතයට ජීවය දුන් දූ සිඟිත්ත
සඳ පහනයි ...
ලාහිරු මඩලෙන් උණුසුම ලබාගෙන...
සඳ කොමලියගෙන් සිසිලස උරාගෙන...
කෝපි මලේ සිරි සිරියෙන් රඟදෙන...
සිනාකිකිණි හඬ දසතේ සිසාරන...
සුදු දෝණි.... අපේ පණ නළ ඔබ ළඟමයි...
