උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

අපේක්ෂාව

සිවුමැලි ලෙසට පෙති විදහා              සිටින්නේ

වර්ණ රටා ගෙත්තම් කර               තිබෙන්නේ

මලේ රේණු නෙතඟට සිරි           ගෙනෙන්නේ

හමනා සුවඳ මේ හැමට ම                   වැඩියිනේ

වැටි වැටි නැගිටමින් කරනා                 දඟකාර

තුරුණු වියට පැමිණෙන විට              හැඩකාර

උගතකු වෙවෙ පෙනුනත් ලොකු        වැඩකාර

දිනු දැය රැකගන්න මා පුත                 අතනෑර

- ඇන්ජලා පැල්පොළ - 2024. 01. 28.

 

 

                                                                 සතර කතර ගමන

තැන තැන තිබේ අංකුර දස අත                    පැතිර

සෙනෙහස අඩු නොවේ ඒ කිසිවකු                අතර

පින පව අනුව දුක සැප ගෙන දෙයි               නිතර

යන මේ ගමන කවදා වේවි ද                       නතර

                      යටගිය කල පිනට ඉපදුන මේ                   සසර

සැපය කිය දුකම ය ආවේ                        නිතර

මැරි මැරි  නැවත උපදිනවා      වරින්           වර

යන මේ ගමන කවද ද නොදනිමි             නතර

- මධුෂීකා - 2024. 01. 28.