උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනවිශේෂාංග

කව් මිණි වැල්

පෑගෙනා වැලි කැටක් ?

පෑගෙනා වැලි කැටක් නොවෙද  මේ ජීවිතේ!!

සරා සොඳුරු වසන්තේ නුරා පිරූ කුසලානේ

වරා මලක පැහැය රැඳි

ඉඟක් සැලි සැලී දිළේ

 

පුරාණේ ඇඳි සිත්තමක

හද කොනේ  රැඳි රැඳී

නෙතු කෙවණි යට රැඳුණු

නාරිලතාවෝ නුඹද ළඳේ

 

නීල තුරු ලතා පිරි

කඳු අතර එබෙන හිරු

අතුල පසුබිම් තීරයක

නීල දිය පිරුණු විල

කිමිද පීනා යනෙන

දිය කිඳුරිය නුඹද

හදවතට එබි එබී

කෝලිත්තං පාන

 

පාපයේ කටු ඉඹුල්

ඇතෙයි සිත බිය කියයි

විසුළ සුදු කරදාසියක

නිතර නුඹ රුව රඟන

පතුළ සිඹිනා සක්මනක

පෑගෙනා වැලිකැටකි ජීවිතය

 

චම්මින්ද වෙලගෙදර .