නලා හඬ වන මිහිරි ගී හඬ අනේ ඈතට ගිහිල්ලා
බලා ගත් අත ඔහේ ඉන්නවා කුඹුක් අත්තක ඇලවිලා
පලා හදවත කරත් ආදරේ නැහැනේ සතුටක් ඉපදිලා
නෙළා ඵලවැල ගෙනත් දීලත් බැහැනේ ඉන්නට සැනසිලා

නිවි නිවි දිලෙන තරු පොකුරක එකක් වෙලා
සඳ කොමලියගේ සියුමැලි සිසිලස ලබලා
උණුසුම සොයා ගෙන ඇවිදින් තුරුලු වෙලා
සැනසුම් සුසුම් හෙළුවා මා ළගට වෙලා
නිල් දෙනෙතේ වත කමලේ සියුමැලි ගති රැගෙන හොරා
රළු සළුපිළියෙන් සැරසී තේජ මාන කිරුළු දරා
මව් පිය සනුහරේ උරුම කැටි කොට පත එකට පෙරා
විශාඛාවේ හඳක් වෙලා දිදුලනවා ගුවන පුරා
වැව් බැඳි රටේ සිරි අසිරිය දකිමින් රස විඳලා
සව් සිරියෙන් නව යුවළට වැජඹෙන්නට පතලා
සිව් කෙළවර පිය සනුහරේ නෑදෑ කැළ පිරිලා
රැව් පිළිරැව් දී ඇසෙනවා සිනහ කිකිණි පිපිලා
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
කුවේණි

සිනිඳු අතැගිලි..
මුහුණේ වර්ෂා..
ළබැඳි කිංකිණි..
සොයයි නෙතිනා..
හදම ගැස්සුණු
නුඹේ වර්ණා
අසමි මා අද
විජය පරදා!
තිට මගේ අණ
නොදැන සිටිනා
තමිබපන්නියේ මුහුදේ ඝෝෂා
අසන සේනා
බලවි නෞකා
මා ද දැන්
ගල් ගැසි සිටිනා
පෙමින් ගිලිහිණු මතක වර්ෂා
සිහින් සඑපිළි අදුරේ මැකුණා
නොදැන තතු මා දියේ ගිලුණා
නුඹට දාව සුදු නෙළුමි පිපුණා
අඬමි මා හැර නොයන් පරදා
කඳුළු උරුම කළ රැයට නින්දා
සෙනෙහෙ ගඟුලට අරුත් පාදා
සමුගනිමි මා නුඹට ශාපා

