වීදියේ දෙතැනක
නොවටින දෙයක් වුව
අත්නොහැර අත්හැරීම
දිනක
ඔබට
වටිනා තීරණයක් බව
දැනේවි බොහෝ වටින දෙය පවා
අත්හැර අත්නොහරිමින්
පාරමිතාවක් පුරනා මං
අප නොකියවන අප
සුන්වූ ගමනක නොව
අරුත්බර ගමනක
මතක වීදියේ දෙතැනක
- නාලිනි ද සිල්වා -
සිත්යායේ මල්
සීතල..
ළංවෙන්න බැරි තරමි..
දුර ඉදන් මා නමින්..
නුඹ දෙඩුවේ ඇයි මටම..
ඝනදුරට තරු ඇසින්..
පෙමි ලොවම රහස් මත..
සිත්යායේ මල්මතින්..
සදකිරණ මල්රටා..
වැලළුණා තනිකමින්..
නුඹේ හුස්ම සොයාගනු..
රැ වරුවේ සිතලින්..
ඔරු පාරු පියමැන්නා..
අයිස් මත නිදි මතින්..
- ශ්‍යාමලී ගමගේ -
මතක සයුරෙක
පොඩි කාලේ වන වදුලේ
දුව පැන නැටු කාලේ...
සිඟිති සිනා මල් පිපිලා
දිදුලපු වත කමලේ...
දින සති වී ගත වුණ
අපේ මිහිරි බොළඳ බාලේ...
හිතා ගන්න බැහැ
හැඩ රුව වෙනස් වෙච්චි තාලේ...
- ඇන්ජලා පැල්පොළ -