තැබූ පියවර
මැකී නොමැකී වෙරළෙ ඇති තාම
තැබූ පියවර එකින් එක මේම
සුවඳ හැර රොන් උරා ගනු කෝම
සුළඟවත් නොදනීය පිටු පෑම
වසන්තය දෙඅතකින් ගෙන ආව
සපත කොට කවි කතා බෝ ලීව
දුරක් ඇවිදින් මඟදී බොරු කීව
යළිත් නුඹ හට දකිනු බෑ මාව
හිත් දෙකක පරතරය ගොස් දුරට
සඳක් හා ඉර හමුවුණිද නෙතට
පොතක් ලියුවත් අකුරු පද පෙළට
අදත් වෙරළක් හඬයි ගිය රළට
සිතක් ඉසියුම් ඉවසනා අතරේ
මලක් මැලවෙයි හෙටත් කටු පඳුරේ
දිනක් ආවත් ගිම් නිවා නුදුරේ
මගෙන් ගත් හිත දෙන්න මට සොඳුරේ
- මහගම සීලානන්ද හිමි -
❤️❤️❤️❤️❤️❤️
මුනි සිරිපා
වෙහෙස මහන්සිය නොබලා මුනි සිරිපා පිඳුණා ...
අහස වගේ පැතුම් ගොඩක් සිත් මඩලේ පිපුණා...
දවස ගෙවී සවස් වෙද්දී අත් තටු දෙක රිදුණා...
පවස නිවා සැනසෙන්නට ඔබේ උණුසුම ලැබුණා...
සයුරු තෙරේ පුන්සඳ සේ දිලෙන්නියේ
සොයුරු පෙමින් හැම හදවත් දිනන්නියේ
මියුරු වදන් රස කර කර මවන්නියේ
තියුණු ජයක් නියත ලෙසම ලබන්නියේ
ගඟක් ගලනවා ඈත මිහිරි ගී රාවයට
හිතක් රිදුණත් වෙනවා තනි තනිව විඳ ගන්ට
දුරක් බැහැ තව යන්න දැන් ඇතියි හිතුවාට
හෙටක් තියෙනවා අපට සමු දෙන්න අද රැයට
- ඇන්ජලා පැල්පොළ -