උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවි මඩුව (කවි කිවිඳියනගේ නවාතැන් පොළ)

පොකුරක්ව පූදින්න

සීත දුරුත්තේ පිණි මල් ඇහිදින

ගීත ගයන පැණි කුරුලු සභාවක

ඈත දිගන්තේ පාවී නොපෙනෙන

පාට කොහෙද කෝ විමසනවා

නව පැතුමන් තරු වල අලවාගෙන

වලාකුළෙන් සඳ එබෙන නිශාවක

සුබ දසුනක් වී කුමුදු හිනාවෙන්

රාත්‍රියම මුසපත් වෙනවා

මිහිරට මිතුරස බෙදන මිතුරු කැළ

වන මල් සුවඳක් ලෙස පැමිණෙන සඳ

බිම්මලකට වුව තනිකම මගහැර

පොකුරක් වී පූදින්න හිතෙනවා

  - නයෝමි අමරසිංහ -

 

=== === === ==

අහෝ..කැලිෆෝනියා…..

රතුපාට කහපාට ගිනිදැලින් දව දවා

මුතු වටින සුරපුරය එක රැයින් ගිනි මවා

පැතු සිහින එක් සැනින් කඳුළු බිඳු මත දොවා

සඳු පවා ඉකිගසයි අහස මත තරු නිවා..

දහස් දිවි අනාථව සුන්බුන්වු සුරපුරේ

අහස් තලයට යදියි ගිනි මතින් පපුතුරේ

දවස් නැත සොබා දම කිපුනොතින් එක සැරේ

රහස් නැත තප්පරෙන් මුළු ලොවක් වුව මැරේ

මහා ගිනිදැල් වලින් දැවෙන විට ඒ පුරය

අහා සිතවට සරයි  දම් අමා බුදු සරය

වහා නිවෙනා ලෙසින් දරුණු ඒ ගිනි සැරය

ලිහා කඳුළැල් පවුර යදිමු අපි දෙව් වරය

සියලු සත් ගිනි බියෙන් මිදී සුව ලබාගෙන

එකලු කර ගිනි මතින් සතුන් වුව මුදෝගන

සිදළු සම්පත් මතින් යළිත් දිරි ලබාගෙන

බිඳළු ලොව නැවුම් ලෙස පිපේවා උදෑසන..

නසන  විට සොබා දම් මවට අවගුණ පෙළා

බලන  බැල්මක් පවා ඇගේ සිත දැඩි  කළා

දවන බව සිතාගෙන ලොවම වුව වනසලා

රකින බව සොබාදම,සපථ වෙමු දිවුරලා..

සංජීවනී පද්මසේන

<<<  >>><<<

උදයේ ම පැමිණි ගැහැනිය

 

උදයෙම පැමිණී ගැහැනිය ගෙමිදුලට මගේදරුවෙකු සිටියි දුව පනිනා හරිම දඟේ

                   සිතතුල පෙරළී කරමින් දුක ඉහළ නැගේ

          පියස්ස නැති ගෙයක් හැදුවෙි කිමද නගේ

  - පද්මකාන්ති දසනායක -
     ෴෴෴෴෴

නිවන් යන පහන්!

නලිනි ද සිල්වා

දහම ගැන සිත - එකම් පැතුමක බල

දල්වයි තිස් තුන් කෝටියක් දෙවියො ළඟ -  ජීවිතේ ඉතිරෙන්නට

සිතේ ඇති තෙල් ගිතෙල් දමා එක් කර - මහා මෙර සුළඟටත් වෙර 

වැටි දෙකක් තුනක් ගෙන එක මිටට රඳවා - දල්වයි තිස් තුන් කෝටියක් දෙවියො 

හදවතේ තියෙන ගිනි - ඇවිලෙන්න 

රස්නය වැඩියෙන් - රත් වුණු සුළං රැල්ලක් - මුහුණ සිඹින විට 

නුඹේ හිතේ දුකත් අරගෙන  - මඳ නලත් එක්කම පාවෙලා යන කොට 

හිතුණෙ නෑ කවදාවත් ම - වියපත්ව, කාත් කවුරුත් නැතිව - පාන් වැටෙන් 

සනුහරේ මැද - නිවන් යන ඔබට - පෙර නිවන් යන්නට - දිවැස නැති දෙවියන්

සිටින මහ පොළොවට 

කඳුළු කතාකරයි...

මග හසර නොදන්නා

කඳුළු බිඳුවක්...

සිටියා තනිවම

තවත් කඳුළු බිඳුවක්

හිඳින බව අසල

දුටුවෙ නෑ.........

අමතන තුරුම

තියෙනවද

බසක්....

පාටක්....

ජාතියක්....

 කඳළු බිඳුවකට

ඒත්....කතාකළා කඳුළු

උපන් හදවත කොහෙද

ගලා ආ......

ධමණි....ශිරා.... කේශනාලිකා....

වැටුණු ඇස කාගෙද

ඇවැසි නැත අපට

ඒත්.....අපි දන්නවා

අපි කඳුළු.....

කාගෙ හරි....රිදුණු

- ෂර්මිලා බංදුනී දංවත්ත -

=== === === ===  

මිස්කෝල් ප්‍රේමය... 

ළබාලේ කෙලි කව සෙල්ලම්

සිහින මැද රැජිනකව උන්නා

අයාලේ  ආ පණිවුඩය දැක

එදා නුඹ මල් වැටෙන් පැන්නා

වළලු මාලත් හිම වලස්සුත්

අඳුරු අහුමුළුවල ඇතී

සුළං පුරවා තිබූ බෝනිකි

සිදුරු වී දැන් හැඩ නැතී..

එහා අත්තෙන් මෙහා අත්තට

වැටෙන වැහි බිඳු කෝ

කොහේ මහා දුක් ගිනි කුසක

පුරවා සුසුම් පා කෙරුවාද ඔහේ

යනෙන මග නුවණින් දැකුම්

නැති

අයාලේ යැව් යෞවනේ

බලන් ජංගම තිරේ නොකියූ

කතාවක හැටි දරුවනේ....

  - කුමුදුනී මෙන්ඩිස් - කුරුණෑගල

෴෴෴෴෴

 

දුරුතු  පුන් පෝ සඳ

ලස්සන  පේනවා                                    සොඳුරුය දුරුතු  සඳ

තවමත්  කතා සිහිවෙනවද   බොළද   සද

පිංබර හදට සුන්දර  පද  ගලන ලද

පිංකර ගන්න පන්සල් ඔබ ගියද  අද

- සීතා මොරගොඩ -