දුක් කන්දක
මව්පිය අසිරි ගී හඬ මැද අත ගත්ත...
දිනදා පටන් නැහුණා මම ඔබ මත්ත...
දුන් දුක් කන්ද හැරිලා ඔබ පිට පැත්ත...
දෙවියොත් දන්නේ නැහැ දුක මා විඳ ගත්ත...
දැන් නම් මගේ ජිවිතේ වෙනවා තිත්ත ...
සිහිනෙන් පවා හොයනා බව නම් සත්ත...
පැත්තක් ගියත් අද මම කියනවා ඇත්ත...
ගන්නට හිතෙනවා දකිනා විට කැත්ත...
≈≈≈≈≈≈≈≈≈≈≈≈
අමුතු හැඩේ
කෝපි මලක හැඩය අරන් නැව් නැග ඇවිදිල්ලා...

සෙන්කඩගල පුරවරයට අමුතු හැඩක් දීලා...
පත්තිනි මෑණිගේ බැල්මත් උදේ රැයේ ලැබිලා...
සුදු පෙන පිඬු නංවනවා මේ මල හිනැහීලා...
නුඹටමයි මේ ලිපිය
සිනහවක් අලවා
ලිපිනයක් නොලියා
තැපැල් කළ
මේ ලිපිය නුඹටමයි
ඉන්න තැන නොදන්නා මුත් මේ පුංචි බිම්කඩේ
කොහේ හෝ
නුඹ ඇතැයි සිතමින්
හද පෙරා ගරාගත්
හොඳම පද අමුණමින්
ලියාගත් මේ ලිපිය නුඹටමයි
නුඹ අහන්නට බලා සිටි
මම කියන්නට බලා සිටි
ඒ රහස මෙහි ඇතී
ප්‍රේමයට අකුරු හතරක් වුණත්
හදවතම මිරිකා
ඒ අකුරු ලියා ඇති
ආපසු ලිපිනයක්
ඇවසීයි නොසිතමී
සඳ තරු වුණත්
මම ඉන්න තැන
දන්නවා ඇතී

කැමරා කෝණය
අපූරුය ඔබෙ කැමරා කෝණය
ඇස පරදවා රූප උපදවන
ඇසෙහි උපත මිස
ස්පර්ශයක් නැති තැන
ඉපදෙන රූපය කිම?
ඉපදෙන ඉපදෙන දෙය
ස්පර්ශකර ටිකකට
අල්ලා විසිකරන
හිතේ කොනක ඇති කුණු මුල්ල
අවධිකරන මතකය
සසර ගමනේ ගමන් කර
තව තවත් අහුමුළු සොයයි නිතරම
බලා ඉවත ලනු මිස
විමසුම් කුමට ?
සොයන්නෝ දිනති
සත්‍යය
අත්හැරෙන තරමටම
නොගැටෙන්න
ගැටෙනවුන්
ගයයි මහප්‍රාණ

හෙට
පමා වී මුණ ගැසුනොතින් හෙට
සිනාවක් හරි දෙන්නකෝ
බලා උන් හැටි මතක් වෙනකොට
කඳුල සැගවි යන්නකෝ
දරා වුන් හැටි නැගුනු සෙනෙහස
නෙතු මතින් දිස් වෙන්නකෝ මුළා වුණෙ නැත පෙමි කරා මිස
නුඹ තුටින් සැනසෙන්නකෝ සදාකල්හිම නුඹ පැතූවට
නොමැත මට කිසි හිමි කමක් තියා හදතුළ සෙනේ ඉපදුන
හිදිනවා උහුලා දුකක් පියාගෙන නෙතු කොතෙක් සිටියද
නුඹ පෙනේ වී සිහිනයක් දරාගෙන තව ඉන්නේ කොහොමද
වැටෙනවා කඳුළැලි ගොඩක් පෙම්කළේ එක හදවතින් මම
නොලැබෙනා බව දැන දැනත් වෙන්වුණා නුඹ කිසිත් නොකිය ම
නොබලලා ඉන් පසු තවත් අත්හළේ නැත හිතු මතේ දුක
නුඹට නොකියමි වරදවත් හිත්හලේ ඇති එකම පැතුම ද
නුබේ සැනසුම මතුවටත්
