උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

මතකය තාමත් කදුළක්

නුඹගේ මතකය තාමත් කදුළක්.. කැඩපතට ඔරවා පලක් නැති තවත් දිනයක්.. රුහුණු කුමාරි ගොරවමින්, කන්පෙති ළඟ  රබන් ගැහුවා. පුංචි කොචිචියේ පෙටිටි ගණනට, තරමි පේළියට ගුළි වෙචිච පැටව්  ළඟ මාත් හාන්සි වුණා සිරුවට..

මද්දුමි හඩ අවදිකළා..

“අමිමේ මට බඩගිනි යි”

ලොකු වැහි වළාවක් ලග ලගම වැස්සක්. නතර උනා හදවත මොහොතකට..  පුරුදු විදිහට කහට කොප්පෙන් උදේ වරුව රැවැටිටුවා.. තව පැය කියකටද? මම මටම කියා ගත්තා.  හින්සිරුවේ වැහි බිංදු ඵක් කළා. මිදුලට මහා වැවක්, පුංචි ඵවුන් තරගෙට උඩ පනිනවා ගෙමිබොත් ඵක්ක. උන්ට බඩගින්න අමතක වුණා මොහොතකට..

මම කඩිමුඩියේ.. වැට පැන්නා..

“අමිමේ  කොහෙද යන්නේ” ලොක්කි මොර දුන්නා

 “කඩේට යනවා පාන් ගෙඩියක් ගෙන්න”

හති දමාගෙන කඩේට වැදුණා.. මුදලාලි….

“ඔය පිටිපස්ස දොරෙන් වරෙන්”

මුදලාලි ලැලි අස්සෙන් බැලුවා කඩපිල..

මම නෙතු පියා ගත්තා.. මට කිරිත් නැ.. පණත් නැ.. මම සුසුමක් හෙළුවා.. ඇද විටිටම ළග තිබුණු  අඟුරු කැල්ලෙන්

ලිවිවා මගේ දුක.. බිත්ති පුරාවට..

“නිදිගත් අපලෙන්

 දරුවන් සැනසෙන

 හෙවණැලි හැමදින

 මා පසු පැමිණෙන

 ගිණිගත් අවිගෙන

 සියෝළග සිරෙන

 මට හිමි ගැරහුමි

 කුසගිණි වැළලෙන

                                                                                                                                             - ශ්‍යාමලී ගමගේ -ටොරොන්ටෝ හි                                                                              

තරු රැජිනි

හිරු සඳු තවම පායනවා පෙර සේම...

දරු මුනුපුරන් වැජඹෙනවා සැම තැනම...

පිරු පෙම් පෙරුම් නලියනවා හද තුළම...

තරු රැජිනියේ ඔබ මගෙමයි හැමදාම...

අහසක් උසට පැතු පැතුමන් ගොඩ ගැසිලා...

වෙහෙසක් දැනෙනවා වතු පිටි පාළු වෙලා...

දහසක් පෙරුම් පුරනවා ඉර හඳ වැඳලා...  රහසක් කියන්නම් බඩ පොත්තට ඇලිලා

-  ඇන්ජලා පැල්පොළ -
 

 

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

    නෙතු පියන් අග්ගිස්සේ

පුරාගත් කඳුළු බරනෙතු පියන් අග්ගිස්ස

සරා සඳ සැඟවෙද්දි හිරු ලඟින් දුක ඉස්ස

මරා සිතුවිලි රැහැන් සිතට  ආ පිණි වැස්ස

දරා ගෙන ඉන්න මට දෙන්න ඔය උරහිස්ස

සුණු විසුණු ළය මඬල දුකින් කවි ගෙතුණූ

උණු සුමට තුරුළුවුන කොපුලතේ පිපුනූ

දෙනු වරක දෙතැන හිඳ එකට පෙම් බැඳුණූ

ඉනු කඳුළු මකනු බෑ තබා ගල් කුළුණූ..

එරන් හිරු පායද්දි කවුළුවෙන් දුරක සිට

බැඳන් අතැඟිලි තදින් තුරුළු වී හිදින්නට

දුවන්නට හදන මේ සිතුම් පොදි බැඳෙන විට

අතින් ගිලිහෙන්න බෑ මිදී ඔය සුවෙන් මට..

පහස උරහිස මතින් කොපුල් තල ගැවසී

රහස කොඳුරා කියයි දෙනෙත් මත සැරසී

විගස සැඟවී ගිහින් හිරු අසල දිලිසී

පවස ඔබ ලඟ නිවපු මා නුඹේ දිගැසී.

බඳ වටා එතුණු ඔබෙ මුදු සුරත ලිහිල් කර

රොද බැඳුණු හැගුම් මත

අතුරමින් හදෙහි තිර

සිඳ කඳුළු  බිඳු මතින් සෙමින්

ඔය දෙනෙත් හැර

මදහාස මුවඟින්ම යන්න හැර

හදෙහි දොර

- සංජීවනි පද්මසේන   

කුල්මත් මිහිලිය

කුල්මත්  නිසපිය                                       

පැතුමක නිකලැල් සත්සර පිපිලා

තත්සර වීණා මිහිරිව ඔපලා

මුව කමළේ හස හෙළුපුල් දිදුලා

නන්දන උයනක සිරියා විසුලා

සුතුර සවන්  වන් දැහැමින් පහනින්

සුසැදු විසල් වල සෝබන නඳුනින්

සිත සතපා සැරසූ යුරු අඳුනින්

පිරිමැද සිසිලව මඳ මුදු පවනින්

සරතැස  නිව් තුරු වදුලේ සෙවණින්

පල බිව් කුරවින්ගේ ගී වදනින්

හරිණිය මදුරව සුකොමල දසුනින්

නුවණත පිබිදී පබොදව කසුනින්

මිහිලිය කුල්මත් නිසපිය උදුළා

සුපසන් වත්සල කළ රූ උතුළා

රිද්ම රටා මැව් ඒ සිරි විපුලා

රැගු සේ වරගන මනහර දිදුලා

 - සීතා මොරගොඩ - පහළ කරගහමුණ,  කඩවත

                    ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈


සාංකා සිත් නැතිව 

කුල්මත් ය මං

ලැබුණු සුදු ලූණු බිගෙන්

හිතේ නළියන බිම්බරක්

හිතැඟි රජ කරා හීන

එකක් පරයා එකක් යටට දමනා බරට

කොහොම උහුලන් ද නොදැන කට බලියන්

පපු කුහරෙ සෙලවෙනා ඝෝර දුක් කන්දරා

කෙළෙස දරමින් ද ගෙවන්නේ හිතමිනා.

ගිහින් නැවතිලා අරණෙකට පෙම් නොබැඳ

ගෙවන්නට හිත කියයි බ්‍රහ්මවෘත වැලඳ

සංසාර දිගු ගමනෙ නවාතැන් පොළක් පොඩි

දැන හෝ දැන කැලඹිලා නොඉවසලා

ලද කටු ඔටුන්නක පහස දමා අමතක කරන්

කකුළු උණු දිය කෙළිය බලන් විදාළා නෙතුපියන්

රැහේ වුන් ඔරවනා ගොරවනා සද්ද ඉවසං මං

යන්නෙ පළා බුදින්නයි සාංකා හිත් නැතිව

ඈත පේන්නේ දිය සීරාවෙක් ද

නැත්තං මෑතින් පේන්නේ

මිරිඟුදිය දහරක් ද

කතර අතරමං නොවී

පහන් හිතකින් නිබඳ

නොබලමි ය මං කිසිත්

වත්මනෙන් බැහැර

- සුමැ -