මිනිස්සු...!?

මා හිසට වහලක් නැතිවත්
තනා දුන්නෙමි මැදුරක්
අනෝරා වැසි මුවාවට
ගියවිට බිතක්කන වෙත දිනක්
වසා දොර
ඉක්මණින් යන ලෙස කීහ මට - කමලා ලියනගේ -
රස ගුණ රජ බොජුන් නැතත් 
ඇති ලෙස පිරවීමි උන් කුස්
අහරින් ක්ලාන්තව
මා වැටී සිටියදී
සාදයක් වූ වග ඇසුවෙමි
අලුත් නෑ මිතුරන් සැතපූ
දනකින් ලැබුණු අහරක්
බුදිමින් සිටියෙමි දිනක්
ගරා වැටුණු මගේ ගෙපැලේ
මඳ කලෙක සිට හැසිරුණු
බළලාටද දුනිමි අනා ඉන් ටිකක්
නැඟුවේය ඌ
සිහින් පුරු පුරු හඬක් ෴෴෴෴෴
----------
ඔසුවක් කොහිද
තෙත බරිත බිතක්කන
මතක පැල්ලම් සිත්තම
පැළවෙන පාසි සිතියම
ලකුණු කරමින් දුවයි රහසෙම
තැන තැන විඩා නිවමින
නැවැතී සොයා නිවහන
මිතුරෙක් ලෙසින් නිවසන
අකුරක් වුණා අවසන
ලුණු කැඳක ගුණ ගෙන
කායම් රස නොවිමසන
කවි බසෙක ඇමිණුන
ඔසුවක් කොහිද හමු වුණ

පවුරු කැඩී ගලන කඳුළු

නෙතක පවුරු කැඩී ගලන කඳුළු ඉවුරෙ ගැටී
සිතක සුසුම් වැල් අතරින් සිහින පිපෙන හැටී
අතක මිලින මතකය ගෙන සුවඳට වහ වැටී
මතක මතින් ඉකිබිඳිනෙමි වසමින් හද කුටී
මන්දාරම් අහස මතින් දිලිසෙන මූතු වැනී
බන්දා සිත රවටාලයි එළිය කදෝපැණී
කැන්දා ගෙන මතක සිහින සිතට සුවය දුනී
මන්දා තවමත් නොහැඟෙයි ඇයි මෙතරම් තනී
අඳිමින් රන් පට සළු පිළි බන්දා රන් මුදු 
නෙතඟින් බැලුවේ හෙමිහිට දරා සිහින කඳූ
අතරින් සිහිනය මියගොස් ඉකිලන පෙම පිදූ
මතකෙන් මැකුමට ඔසු නැත තාමත් ලොව සැදු.. ෴෴෴෴෴
මලක සුවඳ සිත සනසන මිලිනව ගිය විට
සිතක මැවුණු සිහින මැදුර වැටුණා පොළොවට
ගසක නැවත නොම සුපිපෙන සෙනේ කුසුම් මිට
අතක රැගෙන තනිවෙනු මිස පැතුමක් නෑ මට…
සුදු හාමිනේ..
රහස නුඹේ නිදහසයි..
සැකය මගේ දඩුවමයි..
කැඩපතේ මැසිවිලි ගොඩයි..
තාම උත්තර මා සොයයි.. 
සයනයේ හැඩ..
කොට්ටේ තවරා..
වරක් බැලුවත්..
සිතම අමුණා..
සොයාගනු බැරි..
තැනක වපුරා..
බිහිසුණුයි.. නුඹේ නිහඬ සතුරා?

