හෙද කමේ මල්කම්....
කඳුළු වැල් පිස දමා අඳින හද සිත්තම්
දැවෙන සිත් නිවන්නට හුරු කරන ගුණදම්
නෙක රටා මවා හද දිරිය දෙන මනරම්
මේ තරම් සුන්දරද
මා දිනූ හෙදකම්......
මුවට නොම එන දුකත් හඳුනනා විස්කම්
දනන් රෝ බිය නිවූ
සුරු දෑතෙ දස්කම්
රෑ පුරා තනි රකින සොඳුරු වූ මිතුදම්
මුවින් මුව ගුණ ගැයෙන
සිත් දිනූ වත්කම්.....
රිදුම් දෙන දෙපා මත හිනැහෙනා මනුදම්
ගතේ රැඳි වෙහෙස මැද
මුව සිනා මල්කම්
දිවිය සමබර කරන අසම සම හුරුකම්
සිරිලියකි එළිය දෙන, කුමට වෙන රන්කම්...
වියැකෙනා පණ කඳුල හිර කරන් යන්තම්
යදින තව එක දිනක් හිරු උදා වෙනකම්
ලෙයින් බැඳි කෙනෙකු මෙන්
සුරකිනා විස්කම්
මුවින් පැවසිය හැකිද ඇගෙ නිසග දස්කම්...
රික්තයන් නොම තබන දිවි මගේ යුතුකම්
සිනිඳු සිත් පිරිමදින මනුදමේ ලියකම්
උණුන් සරතැස නිවන සසර මග හුරුකම්
තුටින් ගෙල පළඳවමි හෙදකමේ මල්කම්...

තනි යහනේ මවන .....!?
ප්‍රේමය…
සිහින මවමි තනි යහනේ..
ප්‍රේමය නුඹ මා හැර ගියාද?
පාඵ නිසොල්මන් යහනේ..
සදවති සිතල සිපගනිමින්..
තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා.. මතක් වුණා අතිතය..
“මල් වත්ත පාර”..
නුඹ මා දැක්කේ සුදුම සුදු නෙඵමක් වාගේ..
තාමත් දැනෙනවා ඵ් සුවඳ..
ලෝබයි ඵ් ආදරේට..
දෙනුවන් කඳුළින් තෙත්වුණා..
සුසුමක් හෙළුප්රේමය…
සිහින මවමි තනි යහනේ..
ප්‍රේමය නුඹ මා හැර ගියාද?
පාඵ නිසොල්මන් යහනේ..
සදවති සිතල සිපගනිමින්..
තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා..
මතක් වුණා අතිතය..
“මල් වත්ත පාර”..
නුඹ මා දැක්කේ සුදුම සුදු නෙඵමක් වාගේ..
තාමත් දැනෙනවා ඵ් සුවඳ..
ලෝබයි ඵ් ආදරේට..
දෙනුවන් කඳුළින් තෙත්වුණා..
සුසුමක් හෙළුවා හිස් අහසට..
සද කුමරි නිදිමතින්.. මිමුණුවා ගියක්..
“තරු අත් අකුරින් ලියා ඵවමි ඔබට පෙමි පත..
ඔබේ සෙවන පමණි මිහිපිට ඇති ඵකම සමිපත..”
හදවත නතර වුණා මොහොතක්.. ඉකිගසන්න
වාරු නැ හදවතට..
උහුලන්න බැරි තනිකමක්..
සිතලට ගුලිවෙචිච කාමරේක..
රැහැයි හඩට තුරුලුව.. මුමුණනවා
නුඹේ පෙමි හසුන්..
ගහකොළ නිසෝල්මනේ නැවතුනා..
මොහොතක්..
මද රස්නයක් දැනුණා හිතට..
තාමත් තොන්තුවෙන් අකුරු අතර..
සොයනවා නුඹේ මුහුණ..
ගිලන් හදවත තාමත් ආසයි
ඵ් ආදරේට..
තනිකම සොයනවා සිහින තොටුපොළ ළඟ..
ආදරේද මට… කියන්න.. රහසින් කාටත් හොරා..

අලුලෙන වරුණ

කඳු මුදුනතින් බුදු හිමි අප දෙස බලන
ලඳු කටු පඳුරු සිඹ හිරු අප වෙත එබෙන
බණ පද එනකු කර මා පද වැල් ගොතන
සිසිලක් ගෙනේවා බොදු දන සිත් නිවන
සිඹිනා කඳු මුදුන හිරු බැස යන්න පෙර
දිලෙනා බුදු සමිඳු දෑසට පෙනෙන දුර
ගයනා දහම් පද මහ සඟ ඝණ මධුර
නොපෙනෙ ද සකි සඳුනි මේ අලුලෙන් වෙහෙර
දිය ඇලි කඳු මතින් පහළට ඇදෙන හැටි
විසිතුරු හැඟුම් මතුවෙයි දෙනයනේ ගැටි
ගැයෙනා කොවුල් ගීයක බණවර දැවටී
විසිතුරු සිත්තමක් සිත යට ඇඳෙන හැටි
වටකොට කඳු වළලු සිත්තම් මැවුණ රටේ
අට කොන බුදු අසිරිරැකුමට හතර වටේ
පිට පිට දහම් ගඟ තල්පත් අතර ගැටේ
මට අභිමානයකි අලුලෙන දෑස ගැටේ
අලුයම රැය දවාල ද වෙනසක් නැත්තේ
කළු සුදු අවි ගැටුණු පරිසරයකි ඇත්තේ
මුළු සක්වලට දම්පද අටුකොට ඇත්තේ
අලුලෙන තුළ බවයි ඉතිහාසයෙ ඇත්තේ
අස කුර ගැටුණු මේ බිම බුදු සුවඳ ඇතී
විසදිටුවන්ටකිසිවිට ඉඩකඩක් නැතී
දස කොන අසිරි විහිදෙන සිල් සුවඳ බැතී
දෙස බස රැකෙන ලෝ උරුමය මෙතැන ඇතී
පෙර දා මහා රහතුන්ගේ පා ලකුණු
මේ ගිරි ශිඛර සිඹ සිඹ පහළට ඇදුණු
තල්පත්වල ලියා බුදු සදහම් කරුණු
අදටත් අලුලෙනේ ඇත නිදහන් කෙරුණු
මඳනල සමඟ මුසුවී ඈතට ඇදෙන
බුදු හිමි දෙසූ බණ වර ගිරි කුළු සිඹින
මහ රහතුන්ගෙ පා පහසින් ඔද වැඩුන
මේ පුරවරය නිලශර මැණිකකි දිලෙන
