උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

රමණය, මරණය, ස්මරණය....

  - රන්සිරිණි  ගමගේ - 

රමණය මරණය ස්මරණය....
රමණයද
මරණයද
රමණය අකර්මරණය වූ තැන

මරණය තෝරා ගනී .                                                  

මන්ද
රමණය ඒ තරමට
ස්මරණීය වේ

-----------------------------------

ඔබ මගේ සිහිනය
ඔබ සමග පිබිදෙමි
උයමි පිහමි
බත් බැඳගමි
වැඩට යමි
වැඩකරනා අතරතුර
ලිපි ගොනුවක බහා
වසා තබමි
වැඩ ඇරී
දුම්රියට ගොඩවෙමි
කොනේ අසුනක
ඔබ සමග ඉඳගමි
කවුළු උරහිසට බරවී
දුම්රියේ තාලයට නැලවෙමි
එකම සිහිනය
නැවත නැවතත් දකිමි
මුදු අහිමි අත් වලට
සිහින පමණකිය හිමි

 - ෂර්මිලා බංදුනී දංවත්ත -