උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව –

අපට අප මිස

- ඉන්දු මංචනායක -

ආදරය උස අහස තරමට

ප්‍රේමය ද මනරම්

එදා සෙනෙහස ලොවක් තරමට දැනුණේ ය මට නම්

නුඹේ අත ගෙන සියක් තරමට

දුරක් පසුකොට මං

බැලුවිට සෙනෙහසේ කෙළවර

නුඹ කොතැන... නොදනිම්

බිඳෙන් බිඳ හිත පෑරෙනා විට

රිදෙන්නැති හිත නම්

නුඹෙන් තොරවූ ලෝකයක් ගැන  

සිතුවෙ නැහැ මම නම්

වියත් වන විට අහස් කුස යට

තනි නොතනියට කවුරුන්

මටත් නුඹ මිස  නුඹට මා මිස

වෙන අයෙක් කොතැනින් ....

 

තරු එළිය වී

 

- චම්පිකා මුතුකුඩ -
සිහින අරගෙන එනතුරා නුඹ දවස් ගණනේ මතක ගැන්නා
රෑ පාළු අහසක තරු එළිය වී නුඹ එතැයි සුපැතුමක් තිබුණා
සුදු අසුපිටින් ආ හුඟක් කුමරුන්
යළිත් ආපසු ගිහින් තිබුණා
පෙම් රැහැන්  නොම බිඳී තිබුණත්

හොරෙන් කාලය ගෙවී තිබුණා   

දවස් ගණනේ කල් මරණ විට

කළු පැහැති හිස සුදට හරවා

මටත් නොකියම

දෙකොපුලේ මුල රැලි දෙකක් මතුවෙලා තිබුණා

එදා ගිය මඟ දෙඅත පටලා පෙර නොවූ චකිතයක් දැනුණා

තුරුළු වී යන පෙම්වතුන් ළඟ මටත් නොදැනීම දෑත මිදුණා...

ඉර හඳ දිදුලන ලක් දෙරණ

 

- ඇන්ජලා පැල්පොළ -

ඉර හඳ දිදුලන මේ ලක් පොළොවේ අලසකමේ සළු පිළි ඇගලාගෙන...

වගකීමක් ගැන වගේ වගක් නැහැ

දරු පැටවුන් මහ ගොඩක් හදාගෙන...

යන්නේ කොහාටද ඉන්නේ කොහොමද  කිසිම බරක් නැහැ හිතේ දරා ගෙන...

මිනිසුන් විදිහට දිරි ගෙන එක්වෙමු උතුම් මිනිස්කමේ මානය රැකගෙන...

ගිනි කඳු හිම කඳු පරදා පොර බඳින්නේ...

වැලිකතරේ දහඩිය බිඳු හෙලන්නේ...

එතෙර වෙසෙන අප එඩිතර හෙළයන්නේ...

දිහා බලා හෝ කැපවෙමු සොහොයුරනේ... 

 

 

ප්‍රේමය…

 ශ්‍යාමලී ගමගේ 

සිහින මවමි තනි යහනේ..

ප්‍රේමය නුඹ මා හැර ගියාද?

පාඵ නිසොල්මන් යහනේ..

සදවති සිතල සිපගනිමින්..

තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා..

මතක් වුණා අතිතය..

“මල් වත්ත පාර”..

නුඹ මා දැක්කේ සුදුම සුදු නෙඵමක් වාගේ..

තාමත් දැනෙනවා ඵ් සුවඳ..

ලෝබයි ඵ් ආදරේට..

දෙනුවන් කදුලින් තෙත්වුණා..

සුසුමක් හෙලුවා හිස් අහසට..

සද කුමරි නිදිමතින්.. මිමුණුවා ගියක්..

“තරු අත් අකුරින් ලියා ඵවමි ඔබට පෙමි පත..

  ඔබේ‍ සෙවන පමණි මිහිපිට ඇති ඵකම සමිපත..

හදවත නතර වුණා මොහොතක්.. ඉකිගසන්න

වාරු නැ හදවතට..

උහුලන්න බැරි තනිකමක්..

සිතලට ගුලිවෙචිච කාමරේක..

රැහැයි හඩට තුරුලුව.. මුමුනනවා

නුඹේ පෙමි හසුන්..

ගහකොළ නිසෝල්මනේ නැවතුනා..

මොහොතක්..

මද රස්නයක් දැනුණා හිතට..

තාමත් තොන්තුවෙන් අකුරු අතර..

සොයනවා නුඹේ මුහුණ..

ගිලන් හදවත තාමත් ආසයි

ඵ් ආදරේට..

තනිකම සොයනවා සිහින තොටුපොළ ළඟ..

ආදරේද මට… කියන්න.. රහසින් කාටත් හොරා..

 

යළි හමුවෙන්න නම්...

නලිනි ද සිල්වා - කළුතර

බානෙන් බැඳගෙන යන එන හැම තැන 

ලංවී සිටියත් නිතරම එක තැන

හදවත සුවයෙන් පිරිමැද  පිනවන

ඔබ වෙන්වන බව  නොදැනුනෙ  කිසිදින

උදයෙම ඇවිදින් හිමිකරු දවසක්

කපටි සිනහ ඔහු මුව රැඳි පැහැයක්

ආදරයෙන් ගත පිරිමැද  රහසක්

කීවා හෙට නම් නියමිත ගමනක්

සසර දුර ද  අසලට විත් ඇසුවත් 

හිස වැනුවේ කිමදැයි මා නොදනිත්

ඵල දහමක් නොදැනම ඔබ තවමත්

අකමැති නැතිවම ගමනට පිළිපෙත්

සසර අපට තව බොහොම දුරක් ඇති

තව කී සැරයක් අප හමුවනු ඇති

මෙම භවයෙ දි අප වෙන්විය යුතු ඇති

එනිසා ඔහු මගෙ දිවි සිඳිනව ඇති

ඔබෙ අකුසල මින් අවසන් වනු ඇති

ඔහු නම් අකුසල පොදිබැඳ ගනු ඇති

අපට කලින් ඔබ මනු ලොව යනු ඇති

එලෙස ගොසින් හෝ අප හමුවෙනු ඇති

ඔබ නොව ඔහුමය අඳ මේ භවයේ

සැනසෙන් මමිතුර හිත පිරිසිදු යේ

දිනුවෙ ඔබම මිස ඔහු නොව රිසියේ

මෙඝොර සසර අප යන එන  සැටියේ