උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

කඳුළට සමුදෙමි

සංජීවනී පද්මසේන

නීල  දෙනෙතින් නුරා ඉඟි වපුරා

මාල මල්පෙති, දෙපෙති තරු උතුරා

කෝල බැල්මක  මලවි හී සපුරා

තාල ගීයක් කියයි සිත කොඳුරා….

 

රැයට රහසින් සිහින නෙත් ඉවුරේ

පයට පෑගුණු කඳුළු බිම විසිරේ

නෙතට හොරැහින් එබෙන සඳ වතුරේ

සිතට නොදැනිම  ගිළෙමි ඒ මිහිරේ….

බිඳුණු හඳවත් කැබැලි යළි අමුණා

රිදුණු සිත වට යළි මලක් පිපුණා

දැවුණු සිතුවිලි එකින් එක අමුණා

මැකුණු සිතුවම්  යළිත්  සිත ඇඳුණා

 

හිරු නොමැති ලොව සැළුණු දළු ළපලූ

තුරු සිරසෙ යළි පිපුණි මල් කැකුළූ

කරු වලේ නෙත් ඉවුරු මැද දැඟළූ

තරු එළිය මැද මැකුණි ඒ කඳුළූ….

 සංජීවනී පද්මසේන

============

මගෙ සුසුම

මගෙ සුසුම හද ගැස්ම

මට වඩා ඔබ දනියි

මගෙ ඇසෙහි කදුළු බිඳු

තැවරෙන්න ඉඩ නොදෙයි

සිනහවක් නිතරෝම

මගෙ මුවට අන්දවයි

මටත් වැඩියෙන් නිතර

මටම සෙනෙහස පුදයි

සඳ නිවාලූ රැයක

ඉටිපහන් එළිය මැද

සංධ්වනියෙහි මිහිරි

අරුමැසිම ස්වර අතර

කවි සිතම ඉව කරන

තත් සුසර තනි ස්වරය

 

මා නිසා දැවී දැවී

මා නිවයි

මා නිවෙන බව දැනී

ඔබ නිවෙයි

 දැනෙනවද ඔබට මම

සදහටම ආදරෙයි

     ඈන් නිලූපා පීරිස්

 

 

දුවකට.

 නොදරු කාලෙදි රකින එකනම්

මවකගෙම යුතුකමම විය යුතු

දෙඇස හැර ඇය ලොව බලද්දි

කියා දිය යුතු නොවේද හරි තතු

 

 හොඳම ආලය හොඳම

ප්‍රේමය

මවුන්ගෙන් දිය යුතුය දෝනිට

පෙම හිඟා එන පෙම්වතුන්

දැක

නොරැවටී දුව ඒවි ගෙදරට

 අනවසරයෙන් උරහිසට වැද

නිදන මහතුන් නැගිටවන්නට

කරාටේ ජූඩෝ වගේ ඔය

එකක් හුරු කෙරුවතින්මයි හොඳ

 විසකුරුන් මඟ ඇතැයි සැකයෙන්

අගුළු ලනු බෑ දුවව හංගා

හෙට උදාවන ලොව දිනන්නට

යා යුතුය තිමිරයෙන් රිංගා

 

සරුංගලයක් සේම පාවී

යන්න නිදහස ඇයට දිය යුතු

දරන් කෙළවර නූල තමඅත

නිතින් දිරිදෙන මවක් විය යුතු.......

කුමුදුනි මෙන්ඩිස්

                          

 

 

 

 

===============

දොඩමලු හිතක්

සද දිය බැස යන..

තනි වුණු ඔරුවක..

නුඹ ගැන මතකය..

අවදි කළා සිත..

බැස යන ජල කඳ

හෙමිහිට තාලෙට..

විසිරුණු පෙති මත..

අමුනයි නුඹේ වත..

ඵපා දැන් මට..

සෙනෙහෙ නමි හෙට..

දොඩමලු රළ මත..

රිදවුම් ඇයි අද..

      ශ්‍යාමලී ගමගේ