උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

පෙම් පබා

 

 

 

 

 

නිල්ල        නඟමින්  නටන  තුරු වියන් නෙත්              පිනයි

ඇල්ල         පාමුල දැනෙන සිහිල ගත සනස                   වයි

රැල්ල          ඇවිදින් හැපෙන වැල්ල යහනක්                මවයි

දුල්ල             මුළු ලෝතලේ සුන්දරත්වය                    ඔබයි

 

තෙලි තුඩින් ඇඳෙන සිතුවමේ රැඳි  විසිතුර                         ද

ගීත     යෙන්  කව් පෙලින් නැගෙන රස භාවය                   ද

වෙණතතින්   සියුම් ලෙස මැවෙන ශෘංගාරය                      ද

ඔබ  වෙතින්    දැනෙයි මට ලොව රසය ඔබම                වෙද

 

යුගෙන්  යුග     විශ්ව යේ නොයෙක් තැන සැරි               සරා

ගම  න්   මග     පැමිණි බාධක සියලු දුර                       හැරා

සිතුම්     ගඟ      ගැලූ සෙනෙහසේ සමුදුර                      කරා

ඉතින්      අග       පැමිණියේ ඔබ නිසයි සිත්                   යුරා

 

සනාතන        දහම ලෙද  ලෝකයෙහි පැවැත                එන

සදාතන          සෙනෙහසෙහි මිණි ඔටුනු  දරා              ගෙන

නිවාලන         ලෙසින් සරතැසෙහි ගිම් හද                 තවන

නවාතැන        දොරකඩට සිටී අද ඔබ                      පැමිණ

 

එළිය            ගණ'ඳුර  වෙනස කියූ එක   සිනා            වෙන්

දිලිය             යුතුවේය ඔබ දිවි අඹර දයා                   වෙන්

පෙලිය         නොයුතූය මෙසේ මසිත වේදනා             වෙන්

එළිය            මට ගෙන එන්න ඔබේ පෙම් පබා           වෙන්

නාමල්  ගමගේ

 

 

 

 

xxx   xxx   xxx

ශෝක ප්‍රකාශයක්

 බෙර හඬ නැඟෙන විට දස දෙස ගිගුම්             දිදී

හිස් බව දැණුනි ලෝකය නිදියන විට                 දී

පණ නැති මළ කඳ ම ගිනි කන්දට   බිලි            දී

කුමට ද අතිර හඬ ජීවිතයට පැර                       දී

 

වටවුණු තාප්පය ඇතුළට ගම්බීර                    යි

පෙට්ටිය අසල ඇති සේයා තිරසාර                 යි

වැදගත් කමයි කීවොත් එය බොරු      කාර     යි

පිරුවට පාවාඩ ඔක්කොම හිත            පාර     යි

 

කඩදාසියේ වපුරණ වී ඇට                හින්       දා

ගොවියන් කුඹුරු වල හරියට දුක්       වින්        දා

වැඩ ගෙන දනන් ගෙන් ධනයට ලොබ   බන්    දා

තෙදබල ධනවතකු ලෙස නුඔ  සැප        වින්   දා

 

කෝවේ පැසුණු ගිනියම් වූ යවට                 වගේ

තිරසර ලෙසින් නුඔ හිරුසඳු දෙක ම          නැගේ

 දියවෙන තුරු ම හැම ලේ බිඳුවක් ම         ඇඟේ

ඔබ සැළකුවේ මිනිහට වහලෙකුට             වගේ

 

ජීවත් වන අය ම ගැන පාරම්                     බාලා

දෙසුවෝ දෙසති ගම්මානෙ ම සනසා             ලා

මන්දාරමයි පහනේ තෙල් ටික   හිඳි              ලා

මොකට ද මෙහෙම ජීවිත ජීවත් කර             ලා

 

සුසානයෙත් කොතැන ද මිහිදන්            කෙරුණේ

ඊයේ වැළලු යදියා ළඟ නොවෙද                 අනේ

ජීවත් වෙද්දි ඇයි ලොකු පොඩි කම්       පෙණු නේ

සසරෙදි යළිදු අපි හමු නොවෙමු ද         කෙදි  නේ 

    රත්නා කහඳගමගේ

 

 

 

 

 

xxx   xxx   xxx

ස්වප්න ලොවක

දෙසුම්හලේ

 විදුලි පංකා

 භ්‍රමණය වී

 රළු සුළඟක් පාවී

දෙසවන් 

හිරකරයි

 රසවාද ධ්වනිවාද

 අලංකාර 

නෙත් නිලංකාරව 

 ස්වප්න ලොවක

 

කහවත දැරූ

මහණෙක්

පැවිදිවත හැර

ගිහිගෙදර 

සොයා

ආපසු ඇදෙයි

 ගේදොර 

සකල සම්පත්

අතහැර

වෙන අයෙක්

මහණ වෙන්නට

අරමක්

සොය සොයා

වෙහෙසෙයි

මහගම සීලානන්ද හිමි

 

 

 

 

 

♣️♣️♣️♣️♣️♣️ 


වධකාගාරයක් ලෙස හංවඩු                  තියලා

පාසල් බිමේ වද හිංසා ගැන                  කියලා

බලයෙන් උමතු වී කට මැත ඔහේ       දොඩලා

කොදු නාරටිය කැඩුවේ කාගෙද          ඔහෙලා

 

ඇප කැප වෙලා දරුවන් යහමගට           ගෙන

සෙනෙහස පුදා සිප් සතරත් කිය              දෙන

මව් පියවරුන් වාගෙම බැති උපදා           ගෙන

ගුරුවරු කරන මෙහෙවර ගැන සොයනු    මැන

ඇන්ජලා පැල්පොළ