උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංග

කවිකාර මඩුව

විඩාබර පටාචාරා!

                      දඟ ගෙයකි..

                                      මට නිදින..

                                                   හිමි නැතුව..

                                                                 දුක සඟව..

සඳ නොමැති..

කිරි අහස..

දුක කියා..

ළැම සුවද..

ඉකිබිඳින..

කියාපන්..

සිහිනයෙන්..

හෙට ඇව්ත්..

විඩාබර පටාචාරා..

මද සුළඟ ..

ළඟ තොටින..

කර්කෂ පොළව..

යට..

ගිලිහිගිය මලකුණු..

ඇණ කොටා..

සිත දවන..

නුඹෙ සුවඳ..

කෙදින මා..

දැකගන්න..

අදහා ගනු..

බැරි සොබාදහම..

මට දුන්..

හින් කෙදිරිය..

 -  ශ්‍යාමලී ගමගේ

වාන් කැඩූ දියවර?

සෙනෙහස පිරිමැද

හද වෙණ තත

සරිගම පදනිස

හා මුසු කොට

ඔබ ලියු පද රැස

ගීයකි ඇසෙනා

ජීවන මඬළෙන්

 

පෑළවියේ ගෙවු පෙර දා

බකමූණා හැඬුවා

වාන් කඩා දියවර ඇවිදින්

නැසු ජීවිත යළි මේ ලෙස

නොනසන්නට

දියවර බඳිමූ

යළි නොකැඩෙන්නට

ගම්බිම්  වටකොට

නිල්ල නෙළන නිල් යායක්

අපි හදමු

සිහින සිහිනයෙන් මුදවා

ඒ යෂ්ටිය

ඔබ හා මා අප වෙත ඇත

එය

සිහියෙන් දකිනා

ආදරණීයම ඔබට!!!

 - චම්මින්ද වෙලගෙදර -