උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

තනි යහනේ සිහින මවන්නී

සිහින මවමි තනි යහනේ..

ප්‍රේමය නුඹ මා හැර ගියාද?

පාඵ නිසොල්මන් යහනේ..

සදවති සිතල සිපගනිමින්..

තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා..

මතක් උනා අතිතය..

“මල් වත්ත පාර”..

නුඹ මා දැක්කේ සුදුම සුදු නෙඵමක් වාගේ..

තාමත් දැනෙනවා ඵ් සුවද..

ලෝභයි ඵ් ආදරේට..

දෙනුවන් කදුලින් තෙත්උනා..                                 

සුසුමක් හෙලුවා හිස් අහසට..

සද කුමරි නිදිමතින්.. මිමුනුවා ගියක්..

“තරු අත් අකුරින් ලියා ඵවමි ඔබට පෙමි පත..

  ඔබේ‍ සෙවන පමණි මිහිපිට ඇති ඵකම සමිපත..

හදවත නතර උනා මොහොතක්.. ඉකිගසන්න

වාරු නැ හදවතට..

උහුලන්න බැරි තනිකමක්..

සිතලට ගුලිවෙචිච කාමරේක..

රැහැයි හඩට තුරුලුව.. මුමුනනවා

නුඹේ‍ පෙමි හසුන්..

ගහකොළ නිසෝල්මනේ නැවතුනා..

මොහොතක්..

මද රස්නයක් දැනුනා හිතට..

තාමත් තොන්තුවෙන් අකුරු අතර..

සොයනවා නුඹේ මුහුණ..

ගිලන් හදවත තාමත් ආසයි

ඵ් ආදරේට..

තනිකම සොයනවා සිහින තොටුපොල ලග..

ආදරේද මට… කියන්න.. රහසින් කාටත් හොරා..                             

                                                                                                               ශ්‍යාමලී ගමගේ  -

 

නූපන් දුවට.....

දුවේ නුඹ සුවඳැති මලක්

මම පිපෙන්නට ඉඩ නොදුන්

දුවේ  නුඹ පින් පින්බර සඳක්

මම නැගෙන්නට ඉඩ නොදුන්

විහාරේ පිදු නේක මල් අතරේ

සුවඳ විහිදා හිනහෙන්න ඉඩ නොදුන්

තරු කිනිති මැද දිලී  රෑ  අඳුරේ

එළිය ගෙන දී බැබලෙන්න ඉඩ නොදුන්

දුවේ මම ඒ පව්කාර අම්මා

මමයි ඒ පව්කාර අම්මා

බිඳී විසිරුණු කිරි කඳුළකට

පමා වී පෙම්බඳිනා

මමයි නුඹගේ පව්කාර අම්මා

- චම්පිකා මුතුකුඩ -

     

මා සොයා එන....

සීත මීදුම මැදින්

නුඹ ඇවිත් හැම රෑයෙම

මට පුදන ආදරේ

ලොවට රහසක් තවම

හද තැලී ගැලු කඳුළු

ඔබෙ ප්‍රේමයෙන් මත්ව

සතපා නිවාලන

ආදරණීය වදන් පෙළ

දිවා කළ තනිකම‍ට

වෙසෙස් සවියකි

හද ගැහෙන්නට

පැරණි රිද්මයට

හීන පිරෙන  රාත්‍රියෙ

නෙක පැහැති විදුලි එළි

දල්වාන බලන්නේ

පත් පිරුණු වසන්තය

යළි යළිත් ඒවිද?

මහ ද හිස් මංජුසාව

ටිකක් හෝ පුරවන්න

ඔය පිරුණු පපුතුරේ

ආදරේ ඕවිල්ලෙ

සීත හිම සීත වැඩි

දිනක් එන දිනත් ළං ළංව

මගේ හද රුහිරු බිඳු

නොගලනා දින ළංව

ඔබෙ පියාපත් වලින්

එතෙක් උණුසුම දෙන්න

  - නලිනි ද සිල්වා -  කළුතර