නව සමාජයක් ගොඩනැඟීමේදී නිවැරදි සමාජ කියවීමක් අවශ්‍යයි - ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස් ඉඹුල

2025 වර්ෂය පුරා 'අරුණු දොර' ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදුකරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් විය.
මෙහිදී විශේෂ දේශනයක් සිදු කළ ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතා සඳහන් කළේ නව සමාජයක් ගොඩනැඟීමේදී නිවැරදි සමාජ කියවීමක් අවශ්‍ය බවත්, ජනතාවගේ කියවීමේ රැචිය ඇති කිරීම සඳහා පොත් අරගෙන ගමින් ගමට යාම සුන්දර අත්දැකීමක් බවත්ය.
සාහිත්‍ය සම්පත්වල සහ සාහිත්‍ය ප්‍රකාශනවල අඩුවක් නොමැති අපේ රටේ නිවැරදි සහ විධිමත් ක්‍රමවේදයක් යටතේ ඒවා පාඨක ප්‍රජාව වෙත ගෙන යාමට ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇති මෙම වැඩසටහන සරල ක්‍රියාවලියක් නොව ඉතා වටිනා සංස්කෘතික ක්‍රියාවලියක් බව පෙන්වා දුන් ඒ මහතා එමගින් පොත් කියවීමේ සංස්කෘතියක් යළි මේ රට තුළ නිර්මාණය වනු ඇති බව පෙන්වා දුන්නේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාද උත්සව සභාව ඇමතූ අතර 83 කළු ජූලියේදී අසල්වැසි නිවෙස් ගිනි ගනිද්දි තමා එළියට යන විට රැගෙන ගියේ පොත් දෙකක් සහ කමිස 03ක් පමණක් බවත්, පොත් කියවීමෙන් ලබාගත් පන්නරයෙන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් කළේය. 


