රටේ සියයට 40 කට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවෙන් පෙළෙන බවත් ලර්න් ඒෂියා සංගණනයට අනුව දුප්පත් පිරිස ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40 කින් වැඩි වී ඇති බවත් දුප්පත්කම රටම වෙලා ගෙන ඇති මොහොතක රටක් පාලනය කරන කණ්ඩායම් ජන දුක ගැන සංවේදී නැති බවත් ජනතාවට ඇහුම්කම් නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටක් නිවැරදිව ගොඩනගන විට එහි බර වැඩිපුර යොදා ගත යුත්තේ ජන සමාජයේ පොහොසතුන් සහ උග්‍ර පොහොසතුන් වුවත් අද වන විට වැඩ කරන ජනතාව බංකොලොත්භාවයේ වැඩි බරක් උසුලන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී පවා උග්‍ර පොහොසතුන්ට බලපෑමක් නොවී වැඩ කරන ජනතාවගේ අරමුදල්වලට බලපෑම් සිදු වූ බවත් මේ රටේ නායකයන්ට ජනතාවගේ දුක කදුල අසහනය නොතේරෙන බවත් එවැනි රටකට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ල සීතාවක දකුණ පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 108 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසලේ නැටුම් කණ්ඩායම සඳහා අඩුපාඩුවක්ව පැවැති ඇදුම් ආයිත්තම් ඇතුළු දෑ ලබා ගැනීම රුපියල් ලක්ෂයක මුදලක්ද ඒ අවස්ථාවේදීම පරිත්‍යාග කළේය.
පොදු ජනතාවට බාල බෙහෙත්. සුව ඇමතිට සිංගප්පූරු බෙහෙත්
රටේ පොහොසත් සුළුතරයට පවා අනාගතයක් ඇත්තේ අගතියට පත් බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා වීමෙන් පමණක් බවත් රට තුළ සීනි, ගෑස්, පොහොර, සුදුලුණු, ඉන්ධන, තෙල්, ගල්අගුරු හා බෙහෙත් ආදී වංචා සිදු වූ බවත් පොදුජනතාවට බාල බෙහෙත් ලබා දී සෞඛ්‍ය ඇමතිවරයා සිංගප්පූරුවෙන් බෙහෙත් ගෙන්වන බවත් මේ සංස්කෘතිය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බස් මෑන්, පෑඩ් මෑන් යනුවෙන් තමන්ට අන්වර්තනාම පටබැන්දත් ස්කොට්ලන්තය සියලු කාන්තාවන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දුන්නත් අපේ රටේ එය විහිලුවක් වී ඇති බවත් ඒ නිසා රට බංකොලොත් වූ ආකාරය සිතා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
කාන්තා අයිතීන් ගැන කතා කරද්දි මට පෑඩ් මෑන් කිව්වා
රටේ කාන්තාවන් 52% ක් වුවත් රටේ ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් බවත් මේ සමාජයේ ඒ ගැන කතා නොකරන මොහොතක 2019 ජනාධිපතිවරණයේ දී කාන්තා සනීපාරක්ෂාව යන ගැටලුව විසඳා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට තමා පොරොන්දු වූයේ කාන්තාවන්ගේ ආයු කාලය වර්ධනය කිරීමේ අරමුණින් වුවත් තමාට පෑඩ් මෑන් යනුවෙන් අන්වර්ත නාම පටබැද රටේ විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ යැයි හදුන්වන නළු නිළියන් මාධ්‍ය ඉදිරියේ ඇවිත් මෙයට විරුද්ධව පම්පෝරි ගැසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.