උණුසුම් පුවත්

කාලගුණේ අයහපත්

මුහුදු කටයුතුවලින් වළකින්න

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මෙන් ම ගාල්ල සිට හම්බන්තොට සිට පොතුවිල් දක්වා ද වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වරින් වර  60 -70 පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මේ අතර හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩිවිය හැකි බව කියනා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද දන්වයි.

 මන්නාරම සිට පුත්තලම, කොළඹල, ගාල්ල හා හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්  මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 ත් 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද කියයි.

මන්නාරම සිට පුත්තලමල කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 යළි දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට මුහුදු කටයුතුවලින් වළකින සේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.