උණුසුම් පුවත්

කැරට් කිලෝව 2000යි! බෝංචි 1400යි! අමුමිරිස් 1300යි! මේ එළවළු නම් කන්න බෑ මේ දවස්වල!

ඉතිහාසයේ කිසිදා නොවු විරු  අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි.

එළවළු මිල ගණන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටියහ.

වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රැපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රැපියල් 1700.00 ක් වන බවත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසිය.

බෝංචි කිලෝවක තොග මිල රැපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රැපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රැපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසිය.

“ වෙනත් දිනවල උඩරට එළවළු කිලෝ ලක්ෂයක් එක හමරක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙනවා.ඒ වුනාට අද(15) ලැබුනේ එළවළු කිලෝ හත්දහසක් වැනි ප්‍රමාණයක”.මාස තුන හතරක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වරැෂාව නිසා එළවළු වගාවන් විනාශවිම මෙම තත්වයට හේතුවි ඇතැයිද සෙනෙවිරත්න මහතා පැවසිය.