ඉවුරු ඛාදනය වන අයුරින් සහ ස්වාභාවික පරිසරයේ ජෛව විවිධත්වයට හානි ගෙන දෙන අයුරින් කැළණි ගඟේ මැණික් ගැරූ පුද්ගලයින් 05 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.29 වන දින අවිස්සාවේල්ල පොලිස් වසමේ කුඩගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කැළණි ගං ඉවුර ඛාදනය වන සේ සහ ස්වාභාවික පරිසරයේ ජෛව විවිධත්වයට හානි ගෙනදෙමින් දිගු කලෙක සිට මැණික් ගරමින් සිටි අමිතිරිගල හා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන මැණික් ගැරීම ට භාවිතා කල උපකරණ සියල්ල ද සමගින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.