ප්‍රාථමිකයේ දරුවන් ගේ කුසලතා හඳුනා ගන්න දීඝවාපි මිශ්‍ර විදුහලේ කඳවුරක් කරන ගුරු මවක්
හෙළදිව ඊ පුවත් සංග්‍රහය විසින් අද පාඨක ඔබට කියවන්න සලස්වන්නේ මෙසිරිලක අද කාලේ හැටියට අති දුෂ්කර පළාතෙක අති දුෂ්කර ප්‍රදේශයක අති දුෂ්කර ගම්මානයක පිහිටි පාසලක් ගැන යි.
මේ පාසලේ විදුහල්පතිවරයා ප්‍රමුඛ ගුරු මණ්ඩලය විසින් දරු දැරියන් තුන් හාර සියයකගෙ නැණ නුවන පාදන්නට සිප්කිරි පොවමින් ඔවුන් අනාගතේ දැයට ඔබින නැතිවම බැරි නායක නායිකාවන් පිරිසක් බවට පත් කරන්නට ගන්නා වූ වෙහෙස මහන්සිය ගැනයි අපේ කතා බහට මාර්තෘව කර ගැනීමට කල්පනා කළේ. ඒ ඔවුන් ගේ සේවයට උපහාරයක් පිදීමේ චේතනාවෙන් ම බව සටහන් කරන්නෙමු.
නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි දීඝවාපියට අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගමන් කළ විට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කිලෝමීටර් 12 ක් ගමන් කිරීමෙන් ළඟා විය හැකිය. මේ අපි කතා කරන පාසල පිහිටා තිබෙන්නේ දීඝවාපි පුදබිමට තරමක් මෙහායිනි. අම්පාර පැත්තට වෙන්නට යි. 
පළාත නැගෙනහිර, දිගාමඬුල්ලේ හෙවත් අම්පාර දිස්ත්‍රික්කයේ දීඝවාපි චෛත්‍යය පේන නොපෙනෙන මාණයේ පිහිටි අති දුෂ්කර ගමෙක පිහිටි සිංහල මිශ්‍ර විදුහල ගැනයි. එහි දරු දැරියන් ගැන යි. ඇදුරු මඬුල්ල ගැනයි මෙසේ සටහන් තබන්නෙමු.
ඔබ නොදන්නවා නොවුණත් කෙටියෙන් හෝ මේ ගම්මානය පිහිටි දීඝවාපි මහා විහාරය, දීඝවාපී චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි ගමේ වත්මන් අනුවේදනීය තත්වය කෙසේ වුව ද එදා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ තුන්වැනි ලංකාගමනයේ දී වැඩ වසන ලද අති පූජනීය වන්දනීය පුදබිමක් ඇසුරේ මේ ගමත් පාසලත් පිහිටා ඇත්තේ ය. බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණිය, සමන්කූටය, හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී දිගාවැවට වැඩම කළ බව දීප වංශය දක්වයි. (128 ) මහාවංශයට අනුව “සර්වඥ තෙම එතන්හි ධර්මදේශනා කොට අහසට නැගී වැඩ සමන්කුළු මතුයෙහි පා සටහන් දැක්වූ සේක. සංඝයා සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සැපයේ දිවා විවරණය කොට දිගාවැවට වැඩිසේක. ලෝකස්වාමි තෙම සංඝයා සමඟ වූ සේක් එහි චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ ස්ථානය ගෞරවයට පැමිණීම පිණිස සමාධියට සමවන්සේක (මහාවංශය 1:78 – 79) යි දක්වා ඇත. සද්ධර්මාලංකාරයට අනුව “සර්වඥයන් වහන්සේ භගවා ලෙන සිට… රුහුණු ජනපදයට වැඩ දීඝනඛ චෛත්‍යය පිහිට වන්නා වූ ස්ථානයේ සපිරිවරින් සමාපත්තියට සමවැද මොහොතක් කල් වැඩහුන් සේක”
අපි මේ පින් බිම ගැන වෙනම කතා කරන්නට අදහස් කරන්නෙමු. අද මේ පාසල හා එහි ඇදුරු මඬුල්ලේ ක්‍රියාකාරකම් ගැන හොයා බලමු.
ඉගෙන ගන්න ආස දරුවො ගොඩක් ඉන්නවා. කියන්න බැරි තරම්.. ආසයි දරුවොන්ට දේවල් ලැබෙනකොට. ඒක ඉතින් එහෙම තමයි ඒ පොඩ්ඩන්ට උදව් කරන්න එපායැ ජාතියේ මහා දැවැන්ත සම්පත නේ. ආස හිතෙන විදියට උගන්වන්න උත්සාහ කරන කෙනෙක්.
''එක ළමයෙක් මටකියනවා.. ටීච ..මාව හොද මිනිහෙක් කරන්න කියල"
''තව කෙනෙක් කියනවා මාව පොත් ලියන කෙනෙක් කරන්න කියල ..
එහෙම ආකල්ප වෙනස් කරල තියෙන්නෙ මම අවුරුදු දෙකට..
මේ දරුවන් ගේ නැණස පාදන්නට කැපවී සිටින විදුහල්පතිවරයා එස්. පී. කේ. විජේසුන්දර සුදිමතුම්හ. ඔහුගේ මඟ පෙන්වීම අනුව වඩාත් විශේෂ මෙහෙවරකට අත ගසා සිටින්නේ සෙසු ආචාර්ය භවතුන් ගේ ද පූර්ණ සහාය ඇතිව රේණුකා දමයන්ති දිසාපාමොක් වරියයි. ඇය බාලදක්ෂිකාවක සේ ලද පන්නරය ඔස්සේ දරු දැරියන් ගේ කුසලතා හඳුනා ගන්නට ඉකුත් දවෙසක වැඩ මුළුවක් පැවැත්තුවා ය.
ඒ 'කියවමු අඳිමු' යන තේමාව පදනම් කර ගෙනයි. එය චිත්තවේගී සංවර්ධනය යටතේ කළ ව්‍යාපෘතියකි. මේ සඳහා ඇය කඳවුර පවත්වන ලද්දේ පෝතක බාලදක්ෂයින් උදෙසා වුව ද ඊට 3, 4 .හා 5 ශ්‍රේණින් හි දූ පුතුන් ද හවුල් කර ගත්තා ය.
''ඔවුන්ට ගැළපෙන කතන්දර පොතක් කියවීමට නියමිත කාලයක් ලබා දී පොත ලියු කතුවරයා ,පොතේ නම් හා එහි සදහන් දෙය කෙටියෙන් ඇගයීමක් ලෙස ලබාගෙන ජයග්‍රහණය කළ දරුවන් අගය කළා.."
"කියවූ පොතේ සදහන් දේ පිළිබඳව වාක්‍ය 10 ක් ලිවීම ඒ අතර තුර ඔවුන්ට රසවත් ලෙස මා විසින් සැකසූ පලතුරක් ලබා දීම ඊට පස්සෙ කතන්දරයේ සිත්ගත් අවස්ථා චිත්‍ර යට නැගීම. එම චිත්‍ර ප්‍රදර්ශනය කිරීම"
''බාලදක්ෂයෙක්ගෙ පින්තූරයක් විදුහල්පති තුමා හා ආචාර්ය මණ්ඩලය විසින් පාට කිරීමෙන් අහතුරුවයි නිර්මාණාත්මක වාක්‍ය අගය කිරීම කළේ'
චිත්‍ර ප්‍රදර්ශනයට, චිත්‍ර 60 ක් තෝරා ගත්තා. එළිමහන් ප්‍රදර්ශනයක්. පොල් අතුවලින් සැකසූ ප්‍රේම් භාවිතා කළා.
කියවීම් කදවුරු කරනවා හැබැයි මේක මගේ අදහසක් දෙමාපිය උදව් සහ අනිත් ගුරුවරුන් ගේ උදව් මට ලැබුණා චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කළේ පීත්ත පටි කපල නෙමෙයි
බාලදක්ෂයෙක්ගෙ පින්තූරයක් විදුහල්පති තුමා හා ආචාර්ය මණ්ඩලය විසින් පාට කිරීමෙන් අහතුරුවයි
මේ ගමේ මිනිස්සු යුද්ධ කාලෙ ගොඩක් දුක් විදපු අය. ගම මැදිවෙලා තියෙන්නෙ දෙමළ හා මුස්ලිම් ගම් දෙකකට... අප හා අදහස් දැක්වීමට රේණුකා දමයන්ති මහත්මිය කිසිදු පැකිළීමක් කළේ නැහැ. ඈ බොහොම විවෘතව වචන මුසු කළා ය.
''බාලදක්ෂ දරුවන් අධ්‍යාපන අරමුණු 6 ක් යටතේ පෝෂණය කරනවා... මේ එයින් එකක්. අනෙක් 5 ටත් මම ව්‍යාපෘති 5 ක් කරනවා"
"පෝතකයින් සෑම දෙයක් ම යහපත් ලෙස කිරීමට යත්න දරන පිරිසක් ලෙස වර්ධනය විය යුතුයි.."
'පන්ති කාමරයක විවිධ දරුවන් ඉන්නවා.. හැම කෙනෙකුට ම ව්විධ වූ හැකියාවන් තියෙනවා.."
ඇය හෙළදිව හා කියයි.
''ආකල්ප කුසලතා වලින් සපිරි සමාජයක් ගොඩ නැගීමේ පරමාර්ථයේ එක් පියවරක් මේ.." තිර අදිටනකින් තම අපේක්ෂාව මුදුන්පපත් කර ගෙන රටට දැයට සමයට වඩාත් වැදගත් අනාගත පරපුරක් නිමහම් කරන්නට ගන්නා වෙහෙස මල්ඵල ගන්නවන්නට ඇය හෙළනා දහදිය ට නිසි අගැයක් ලබා දීම අපේ අපේක්ෂාව යි.
''පිළිවෙලකට හැඩට වැඩ කිරීමේ පුරුද්දක් ඇති වෙනවා දරුවන්ට දැරියන්ට.
"අවට යාබද ගම්බිම්?" මගෙන් ඇයට ප්‍රශ්නයක් යොමු විය. නෙපමාව ඈ හඩ අවධි කළා ය.
සම්මන්තුරෙ . අක්කරපත්තුව"
පාසලේ ළමයි 300 කට ආසන්න පිරිසක් ඉන්නවා. අද උසස් පෙළ දක්වා පන්ති තිබෙනවා. උසස් පෙළ වැසී ගොස් තිබුණේ. වත්මන් විදුහල්පති තුමා ගිය වසරේ සිට නැවත උසස් පෙළ පන්ති ආරම්භ කළා.
මේ ගම්මානය තියෙන්නෙ දෙමළ හා මුස්ලිම් ගම් දෙකක් මැද්දේ. මාණික්කම් මඩු. ඒක දෙමළ ගම
මෙහි ජීවත් වන පවුල් ගණන නම් හරියට ම කියන්න මං දන්නෙ නෑ" ඈ ඍජුව ම අවංකව ම පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළෙන් සරසවි ගිය සිසු සිසුවියන් ඉන්නවද?"
"උසස් පෙළ පන්ති වැහිල තිබිච්ච කාලය?"
"යුද්දෙන් පස්සෙ ඉදල මයෙ හිතේ"
ඔව් හොදටම ඉගෙන ගෙන ඉහළට ගිය අය බොහොමයි. මෙහේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන උසස් පෙළ කරන්න නගරයට ගිහින් තියෙන්නෙ. බස් නැතුව කිලෝ මීටර 10 ක් ළමයි පයින් ගිහින් තියෙනවලු. බස් එක ගන්න සමහර දාට බැරි වුණා ම.... ඒ යන්නෙත් ඒ කාලෙ බොහොම බයෙන්.. කොටි කලබල නිසා .. දෙමළ ගමක් මැදින් යන්න තියෙන්නෙ. අම්පාර දීඝවාපි සිංහල මහා විද්‍යාලයේ උසස් පෙළ කලින් තිබිලම නෑ..
හැබැයි දැනට අපේ කලාප කාර්යාලයේ ඉන්න ප්‍රධානීන් දෙන්නෙක්ම දීඝවාපියේ සාමාන්‍ය පෙළ දක්වා උගත් අය. "
මම කලින් වැඩ කළෙත් ටවුන් එකේ සිට කිලෝ මීටර 30 ක් දුර පාසලක යි. දැන් මේ පාසලට ඇවිත් තාම අවුරුදු 2 යි"
ඇය මේ විස්තර අප හා කියමින් ඊළඟ ඉලක්කය පාසලේ දරු දැරියන් උදෙසා ගණිත කඳවුරක් පැවැත්වීම යැ යි ද කීවා ය. ඒ සඳහා කිසියම් අනුග්‍රහකත්වයක් දක්වන්නට හැකි, කැමති ආයතනයක් යොමු කරන්නට ඈ අපට නොකියා කියයි. ඒ ගණිත වැඩමුළුව මේ මස අවසන් වීමට පෙර පවත්වා මේ අසරණ ඒත් දක්ෂතා සැඟව ඇති පොඩ්ඩන් ගේ කුසලතා ඔප් නංවන්නට ඔබට හැකි නම් එය මොන තරම් මහා වැඩදායක ක්‍රියාවක් වේවි ද?
කිසියම් සම්පත්දායකත්වයක් මේ පුංචි පැටවුන් හට උපයා සපයා දිය හැකි නම්.....!!!!!
- සුගතපාල මැන්දිස් -
