උණුසුම් පුවත්

කියුබානු තානාපති, ජනපති හමුව

 ඩෙංගු මර්දනයට විශේෂඥ දැණුම ලබා දීමට එකඟ වෙයි

 ඩෙංගු මර්දනයට විශේෂඥ දැණුම ලබා දීමට එකඟ වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති   අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ද්‍රස්

මාර්සෙලෝ   ගොන්ෂාලෙස්  ගොරිද්දෝ (Andres Marcelo Gonzales Gorrido) මහතා  අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. චෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජය තාන්ත්‍රික සබඳතා හා මිත්‍රත්වය ශක්තිමත්ව කර ගැනීම පිළිබඳව  මෙම හමුවේදී අවධානය යොමු විය.

පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී ලබාගත් ජයග්‍රශණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට   සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන උදෙසා ගෙන යන වැඩසටහන සාර්ථක කර ගන්නට සිය රටේ සහාය දෙන බවට ද හෙතෙම පොරොන්දු විය.