උණුසුම් පුවත්

කිරි වෙහෙර ලොකු හාමුදුරුවන් ගෙන් සීඅයිඩිය ප්‍රකාශයක් ගනී

අපේ ලොකු හාමුදූරුවන් වැඩසිටි කාලේ වෙච්ච දෙයක් නේ. උන්වහන්සේ අපවත්වෙලා නේ... මට ඒ ගැන දැනීමක් නෑ

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සේ  සිටි සමයේ දී කිරිවෙහෙර සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමිපාණන් වහන්සේ  අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබිණි. උන්වහන්සේ ගෙන් දීර්ඝව කරුණු විමසා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව සීඅයිඩියෙන් බැහැරට සපැමිණි ිරිවෙහෙර විහාරාධිපති නා හිමිපාණෝ මාධ්‍යකරුවන් හමුවේ ප්‍රකාශයක් කළහ.

මේ හා සම්බන්ධව රුහුණු කතරගම බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතා කැඳවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ඊයේ සටහන් කර ගන්නා ලදි.