පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගාල්ලේ සංචාරයක නිරතවෙමින් කුඩු නෝනිගේ දේපොළ ද දැක බලා ගනී.
හොරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින කුඩු නෝනි නමින් කූප්‍රසිද්ධ කාන්තාවක් සතු රුපයල් කෝටි එකොළහක් වටිනා දේපොළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තහනමට ලක් කරන ලදි.
හවුරුදු තිහක පමණ කාලයක් තිස්සේ කුඩු නෝනි සේ අන්වර්ථ නාමයෙන් හඳුන්වනනා වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි අනෝමා ශාන්ති නම් කාන්තාව නීති විරෝධී විෂ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් විශාල ධනස්කන්ධයෙන් අහුංගල්ලේ නිවාස තුනක්
කඩ කාමරයක් හා ඉඩම් පහක් ද ගාල්ල ධීවර වරාය අංගනයේ තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනමට ලක් කොට පොලිස් භාරයට ගන්නා ලද්දේ අද (29) උදේ කාලයේ ය.
ලොරියක්, වෑන් රියක්, යතුරු පැදි දෙකක් හා බැකෝ යන්ත්‍රයක් ද ත්‍රී රෝද රිය දෙකක් ද පොලිසියේ අදාළ අංශය විසින් සිය භාරයට ගනු ලැබිණි.
කුඩු නෝනි මේ දේපොළ බොහොමයක් මිලට ගෙන ඇත්තේ ඇගේ ඥාතීන් ගේ නම්වලට බව පොලිසිය කියයි.
මේ සා මහත් ධනස්කන්ධයක් නීති විරෝධීව උපයා ගෙන ඇති කාන්තාවගේ දේපොළ ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන ලද අනාවරණයන් ගැන නිරීක්ෂණයට අද උදේ පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතා ගාල්ල ධීවර වරායටත් අහුංගල්ල ප්‍රදේශයෙත් චාරිකාවෙක නියැළුණි.
කුඩු නෝනී හා ඇගේ ජාවාරම්වලට සම්බන්ධ තවත් පස් දෙනකු පොලිස් අත්අඩංග=වේ පසු වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තව දුරටත් මේ හා සම්බන්ධ පරීක්ෂණවල නියැළේ.