උණුසුම් පුවත්

කුමාර වෙල්ගම දිවිසැරියට සමු දෙයි

කළුගංතොට සිංහයා වෙල්ගම!

ප්‍රකට දේශපාලන චරියක් සේ සුප්‍රසිද්ධව හුන් හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත විය. ඒ අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලක දී ය. මියයන විට හෙතෙම 74 වැනි වියේ පසු විය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු සේ ජනවරම් ලැබ පාර්ලිමේන්තුවට පිවිසි කුමාර වෙල්ගම මහතා හිටපු ප්‍රවාහන ඇමතිවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන ගමන ඇරඹූ හෙතෙම ඉකුත් මැතිවරණයේ දි සමගි ජන බලවේගයෙන් තරග කොට පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ ය.

ආන්දෝලනාත්මක චරිතයක් සේ ප්‍රකට වෙල්ගම මහතා මාධ්‍යවලට පුවත් මැවූ කෘතහස්ථ දේහපාලනඥයෙකි.

හෙළදිව ඊ පුවත් සංග්‍රහය වෙල්ගම හිටපු මන්ත්‍රීවරයාට නිවන් සුව පතයි!