ආරක්ෂකඋණුසුම් පුවත්

කුමාරකන්දේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

සැමියා මියයයි - බිරිය රෝහලේ

හික්කඩුව ‌පොලිස්  වසෙම් කුමාරකන්ද ප්‍රදේශයේ දී යතුරු පැදිකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීමක් කොට පලා ගොස් ඇත. වෙඩි ප්‍රහාරයට ලක් වූ අඹුසැමි යුවළකින්  අයකු මිය ගොස් ඇත.

ව්‍යාපාරික අඹුසැමි යුවළක් ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු සැමියා මිය ගොස් ඇත.

වෙඩික්කරුවන් අල්ලා ගැනීමට හික්කඩුව පොලිසිය  විමර්ශන කරයි.