අපනයනයට දිරි දෙන්න යැ යි පාලකයන් වෙත කෙරෙන ඉල්ලීමයි
භාණ්ඩ වල මිල තුන් හතර ගුණයකින් නොව ඊටත් වැඩියෙන් ඉහළ නගිමින් ඇතත් කුරුඳු නිශ්පාදන කිලෝ එකක මිල තවමත් පෙර තිබූ තත්ත්වය ම බව කුරුඳු ඉඩම් හිමියන් මෙන් ම කුරුදු තලන කම්කරු පිරිස් ද පෙන්වා දෙති.
කලින් පැවති මිල ගණන් වූයේ කුරුදු කිලෝවක් රුපියල් 2500/ = 2800/ = (දෙදහස් පන්සියයක් - දෙදහස් අටසියයක් ) දක්වා මිල මට්ටමක ය. නමුත් කුරුඳු මිල තවමත් එම මිල මට්ටමේ ම පවතී.අඩුම තරමින් මේ වන විට කුරුදු කිලෝ එකකට රුපියල් පන්දහසක් වත් ලැබිය යුතු බව කුරුඳු නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
දැනට පවතින මිල ගණන් අනුව කුරුඳු තැලුම් කුලිය හා අනෙකුත් ඉඩම්වල නඩත්තු සේවාවන් සදහා වියදම් කළ විට අයිති කරුවන් ට ලාබයක් ඉතිරි නොවන බව ඔවුහු කියති .
අපනයනයෙහි ලා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැත්තෙන් අතරමැදි මහා පරිමාණ ව්‍යාපාරිකයන් කුරුදු නිෂ්පාදනවලින් අධික ලාබ ලබතත් කුරුඳු ඉඩම් හිමියන්ට හෝ කුරුඳු තලන කම්කරුවන්ට හෝ ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාවක් නැතැ යි ඉඩම් හිමියෝ ද සුළු පරිමාණ කුරුඳු වෙළෙන්දෝ පවසති.
ආර්ථික අතින් බරපතල අර්බුදයක පවතින රටට ඇවැසි විදෙස් විනිමය ඉපැයීමට අගනා දායකත්වයක් සපයා ගත හැකි දේශීය කුරුඳු කර්මාන්තයේ නියැළෙන්නන් රැක ගන්නට පාලකයන් ද අපනයන සංවර්ධන මණ්ඩලයෙ මෙන් ම අදාළ ඇමතිවරයා ද නිසි පියවර ගත යුතු වූවත් කිසිවකු මේ කෙරෙහි අවධානය යොමු නොකිරීම ජාතියේ ම අවාසනාවක් බව කුරුඳු බෝග වගාකරුවෝද සේවකයෝද හෙළදිවට ප්‍රකාශ කරති.
- ලාල් ගොඩගේ -