සමාජ ජාලවල පළාවෙලා - පුළුල් පරීක්ෂණයක් පැවැත් වෙනවා
 අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ කෘෂි විද්‍යා අපේක්ෂක අපේක්ෂිකාවන් පිළිතුරු ලියන ලද කෘෂිවිද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගග දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලදි. ඒ උසස් පෙළ විභාගයේ එකී ප්‍රශ්න පත්‍රය සමජා මාධ්‍ය ජාලවල පළවීම හේතූවෙනි. දැනට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වූ වහා මේ මස අවසානයේ කෘෂී විද්‍යා සිසු සිසුවියනට ඊට මුහුණ දීමට සිදු වේ.
මේ විෂයට දරු දර්යන් පෙනී සිටියේ ඉකුත් 10 වැනි දා යි. සිසු සිසුවියෝ විසිහත් දාහක් පමණ මීට පෙනී සිටියහ.
මේ වන විට ඒම ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුල් පරීක්ෂණයක් පවත්වන්න යි විභාග කොමසාරිස් අමිත ජයසුන්දර මහතා ඉල්ලීමක් කර ඇත.
සමාජ මාධ්‍ය විසින් ඔවුන් ගේ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රශ්න පත්‍රය අනාවරණය කරැති බවට ලද තොරතුරු ලද වහා කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රය අවළංගු කරන ලදි. මෙයින් විභාගාපේක්ෂක දරු දැරියන් මහත් අසීරුවකට පත්ව සිටී.
යළි එම ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් පෙනී සිටින ලද පාසල් සිසු සිසුවියනට පාසල් වලටත් බාහිර අපේක්ෂකයනට ඔවුන් ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් ශාලා ප්‍රවේශ පත්‍ර යොමු කෙරේ.