ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

කෙහෙළියගේ පවුලේ ඇත්තන් ගේ පෙත්සම් තුනක් ඉහළ උසාවියෙන් වීසි කරයි

පෙත්සම් ප්‍රතික්ෂේප කොට ඇත්තේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යි

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමෙන් පසු, ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම පෙත්සම් බැහැර කරන්නට නියෝග දී ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි