උණුසුම් පුවත්

කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා නයිනතිව්

නයිනතිව් දූපතෙන් කේරළ ගංජා

කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 21, ග්‍රෑමි 105 ක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීමට සූදානම්ව සිටි නයිනතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු විශේෂ කාර්ය සාධක බළකායේ නිලධාරීන්ඩං පිරිසක්ව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ‌අල්ලා ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල්න කෝටි ආසන්න බව පෙලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තැනැන්තා 24 වැනි වියේ පසුවන්නෙකි.

රි විමර්ශන කටයුතු සදහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා වල දල වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වේ.

ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත මුලතිව් කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක පි.එචි.ඩි.සි. කුමාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  ඊයේ (13)  කයිට්ස් පොලිස් වසමේ නයිනතිව් දූපතේ, සුදුවැලි මුහුදු තීරයේ දී වැටලීමක් සිදුකර ඇත.