දින තුනක් ඇුළත යාල කැලේ කළ එස්. ටී. එෆ් කළ දෙවැනි වැටලීම
ශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව ගෝනගංආර පොලීසිය සිදු කරන ලද වැටලීමකදී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 220 ක ප්රමාණයක් ඉකුත් ජනවාරි මස 21 දින අත්අඩංගුවට පත්වී ඇත.
ඒ අනුව යාල වන රක්ෂිතය තුළ කිලෝ මීටර් 11 ක් පමණ දුරින් සුහන්දිරම්ආරු ප්රදේශයේ මෙම ගංජා වගාව සූක්ෂමව සිදුකර තිබූ අතර යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරකට අනුව පසුගිය ජනවාරි මස 18 දින සිදුකරන ලද තවත් වැටලීමකදී ගංජා කිලෝ 1570 ක ප්රමාණයක් පොලිස් භාරයට ගෙන තිබිණි. එමෙන්ම එම වැටලීමෙන් අනතුරුව දින පහක් තුළ සිදුකරන ලද දෙවන වැටලීම මෙය වන අතර මේ පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු ගෝනගංආර පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.