උණුසුම් පුවත්දේශපාලන

ගම්මන්පිල පසුපස CID ය

ළඟදී ම ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති බව කියයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ග්ම්මන්පිල මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.  ඒ ඔහු විසින් අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජර්මනියේ කෙරුණු සංචාරයේ දී ඔහු දෙමළ විමුක්ති කොටි කල්ලියේ නායකයින් හමුවූ බවට කරන ලද ප්‍රකාශයක් පිළිබඳව යි.

ගම්මන්පිල මහතා විසින් ඉකුත් දිනෙක පැවති මාධ්‍ය හමුවක දී කරන ලද ප්‍රකාශය ගැන කෙරුණු පැමිණිල්ලක් අනුව යි. එකී ප්‍රකාශය පිළිබඳව ඉදිරි දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කෙරෙනු ඇතැ යි සැලවේ.