මනූෂගෙන් හිස් වූ පුරප්පාඩුවට
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මනූෂ නානායක්කාර මහතා ගේ මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කෙරෙනු ඇත. ඉකුත් මැතිවරණයට තරග වැදුණු සමගි ජන බලවේගය පක්ෂයේ පොරොත්තු ලේඛනයෙහි උඩින් ම සිටින්නේ බණ්ඩාරිගොඩ මහතා යි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද මනූෂ නානායක්කාර හා හරීන්ෆ්‍රනාන්දු යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපීම යුක්ති යුක්ත බවට කළ තීන්දුවෙන් පසු ඔවුන් දෙදෙනා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහෝසි විය.
ඔහු එළඹෙන සතියේ කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයකු සේ දිවුරුම් දෙන බව ආරංචි මාර්ග කියයි.
පක්ෂයෙන් නෙරපන ලද හරීන් ෆ්‍රනාන්දු මහතා ගේ ජාතික මන්ත්‍රී ධූරය විධායක සභා රැස්වීමෙකින් අනතුරුව සිදු කෙරෙනා බව ද එම ආරංචි මාර්ගය සඳහන් කළේ ය.
 
            