උණුසුම් පුවත්දේශපාලන

ගාල්ලේ අදත් කචල්

ලේකම්වරියට ජල ප්‍රහාරයක්!?

 ගාල්ල මහ නගර සභා සභා රැස්වීම අද ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් රැස්වීම් ගර්භයේ කෑ කොස්සන් ගාමින් පෙර දිනක අයවැය සම්මත කර ගන්නට කරන ලද උපක්‍රමයට විරෝධය දැක්වීම මීට හේතුව යි. 

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ලේකම්වරිය ගේ මේසය ඉදිරියේ සිට විරෝධය දක්වනු දක්නට ලැබිණි. තත්වය පාලනය කරන්නට නගරාධිපති සුනිල් ගමගේ මහතා විසින් පොලිසිය කැඳවූ අතර ඔවුහු රැස්වීම් ශාලාවේ දොරටුව අසල සිටියහ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කිසිවකු විසින් සභා ලේකම්වරියට ජල බෝතල් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.