දකුණ වමට හැරවූ දොඩන්ගේ පුතා ඉසුරු දොඩන්ගොඩ පොහොට්ටුව අතදරා හිඳී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගාල්ලට සපැමිණේ. ඒ ''එක්ව ජය ගමු" යන තේමාව මත පැවැත්වෙන ජන රැලියට යි. ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේ පැවත්වෙන ''එක්ව ජයගන්නට ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් ද, ප්‍රාදේශීය සභාවන්දි හි හිටපු මහජන නියෝජිතයින් ද එක් වේ. ඊයේ ජනාධිපතිවරණ්‍ය 2024 පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගාලු දිසාවේ පැවති දේශපාලන නිසොල්මන් බව පලා ගොස් අලුත් පෙරළියක හෙවත් වෙනසක ලක්ෂණ පහළ වී තිබේ.
මේ වන විටත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර දරන්නා වූ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ හා රාජ්‍ය ඇමතිවරයකු වන නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා හා රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ද රනිල් වික්‍රමසිංහ මහතා හා එක්වීමට නියමිත ය. මේ අතර ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා ද රනිල් ගේ වේදිකාවට ගොඩවීමට නියමිත බව අපේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා පොහොට්ටුවෙහි ම රැඳී සිටිමින් සිය දේශපාලන කටයුතුවල නියැළෙන බව ද අපේ ආරංචි මාර්ග දක්වයි.ඉසුරු හා එක්ව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙක් ද පොහොට්ටුවේ ස්ථාවරත්වය ගොඩනැංවීමෙහිලා කැපවී කටයුතු කරන්නට පියවර ගෙන ඇත. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමිල් විතානාච්චි, දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති සම්මු ආරියවංශ හා සංචාරක ප්‍රවර්ධන ර්යාංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් යන මහත්වරු ක්‍රියාකාරීව පොහොට්ටුවේ අභිවෘද්ධියට ඇවැසි පියවර ගන්නා බව ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි
ප්‍රාදේශීය සභාවන් හි හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ද රමේෂ්ලා හා එකතු වෙන බව ද කියයි.