රජයේ නිලධාරීන්ට බාධා කිරීම චෝදනාව
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්රහාර එල්ල කරන ලද විපක්ෂයේ මන්ත්රීවරුන් හතර දෙනකු හා මන්ත්රීවරියක ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල මහ නගර සභාවේ විශේෂ සභා රැස්වීමක් ඊයේ (30) පැවති අවස්ථාවේ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම නොසන්සුන්තාවයක් සභා ගර්භයේ දී සිදු කරන ලද්දේ නගරාධිපති සුනිල් ගමගේ මහතාට හා සභා ලේකම්වරියට විරෝධය දක්වමිනි. කිසියම් මන්ත්රීවරයකු හෝ කිහිප දෙනකු සභා ගර්භයේ සිය අසුන්වල හිඳ රාජකාරියේ නිමග්නව හිටිය දී ඔවුන්ට ජල ප්රහාරයක් එල්ල කරනු දක්නට ලැබිණි.
රජයේ සේවකයින්ට රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්රීවරියක් ඇතුළු මන්ත්රීවරුන් පස් දෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ සිය නීතිඥයින් සමග පොලිසියට පැමිණි අවස්ථාවේ මොවුන් අත්අඩංගුවට පත්වී ඇත.
